අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවත්, මේ අවස්ථාවේ දී තමා සමෘද්ධි ලැබිය යුතු සියලු දෙනාම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
අස්වැසුම කරදරයක් වී ඇති බව පවසන නාමල් රාජපක්ෂ කියන්නේ ඉන් සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින්ට සමෘද්ධිය නොලැබී ගිය අතර සමෘද්ධිය අවශ්‍ය නැති පුද්ගලයින්ට සමෘද්ධිය ලැබී ඇති බවය.
සමීක්ෂණයක් සිදු කරනවානම් වහාම නිසි පරිදි එය සිදුකරන ලෙසටත් වැරදි නිවැරැදි කරන ලෙසටත් නාමල් රාජපක්ෂ රජයට අවධාරණය කරයි.
රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් කිසිදු දේශපාලන කෝණයකින් නොබලා මනුෂ්‍යත්වය ප්රමුඛ කරගෙන සමෘද්ධිය ලැබියයුත්තන්ට ප්රතිලාභ අත්කරදීමට කටයුතු කර්න ලෙස තමා රජයට බල කරන බවත් නාමල් රජපක්ෂ කියයි.







