සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අවුරුදු පහක ඒකාධිකාරයක් ඇමෙරිකානු සමාගමකට දෙන එකේ තේරුම මොකක් ද?”

අනුර කුමාර අසයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 22, 2021
in පුවත්
anura kumara
Share on FacebookShare on Twitter

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ අයිතිය මෙන්ම ද්‍රවීකෘත ස්වාභාවික ගෑස් (LNG) සැපයීමේ ඒකාධිකාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව වසර 05 කාලයකට ඇමරිකානු නිව් ෆෝට්ට්‍රස් එනර්ජි සමාගමට පැවරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි ජාතික ජනබ‍ලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර තිබේ.

බලාගාරයට අදාළ යටිතල පහසුකම් ඉදිකිරීමේ සහ ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකානු නිව් ෆෝට්ට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා ගිවිසුම් ගණනාවක් රජය අත්සන් තබා ඇති බව වාර්තා බවත් මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග 27/2 යටතේ මැතිසබයේදී ප්‍රශ්න කරමින් විමසීය.

යුගදනවි විදුලි බලාගාරය ඊට අදාළ ඉදිකිරීම් සහ සැපයුම් අයිතිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳ මෙහිදී ඔහු විසින් ආණ්ඩු පක්ෂයෙන් නැඟූ ප්‍රශ්නය පහත පරිදි වේ.

“කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය, ඊට අදාළ ඉදිකිරීම් සහ සැපයුම් අයිතිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙරවලපිටිය යුගදනවි ගෑස් විදුලි බලාගාරය සම්බන්යෙන් මේ වන විට රට තුළ බරපතළ සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා. බලාගාරයේ අයිතියත් ඊට අදාළ යටිතල පහසුකම් ඉදිකිරීමේ සහ ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකානු නිව් ෆෝට්ට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා ගිවිසුම් ගණනාවක් අත්සන් තබා ඇති බවට පසුගිය දිනවල වාර්තා වුණා. ඒ අනුව කෙරවලපිටිය ‘යුගදනවි’ විදුලි බලගාරයේ හිමිකාරිත්වය, ඊට අදාළ පාවෙන ගෑස් ගබඩා පර්යන්තය, ගෑස් සැපයුම් නල පද්ධතිය ඉදිකිරීම එම ඇමරිකානු සමාගමට පැවරෙන බවද වාර්තා වුණා.

මෙම කෙරවලපිටිය බලාගාරය සඳහා පාවෙන ගබඩා සංකීර්ණයක් සහ නැවත ගෑස් පිරවීමේ ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මගින්ද ගෑස් නල පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව මගින්ද මේ වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබ තිබුණා. එම ටෙන්ඩරයේ කාලය අවසන් වී තිබුණේ පසුගිය ජුනි මාසයේයි. දැනගැනීමට ඇති පරිදි එම ටෙන්ඩර වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් බඳවා ගනු ලැබ තිබූ අතර වෙනම කාර්යාලයක්ද විවෘත කරනු ලැබ තිබුණා. එසේ තිබියෙදී එම ඉදිකිරීම්ද ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව මෙම ඇමරිකානු ෆෝට්ට්‍රස් සමාගමට ලබා දීමට කටයුතු කර තිබෙන බවද වාර්තා වනවා.

එසේම එම බලාගාරයට සහ එම ප්‍රදේශයේ ඉදිවන ඕනෑම එල්.එන්.ජී. බලාගරයකට අදාළ ගෑස් සැපයීමේ අයිතියද වසර 05ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබෙන බවද වාර්තා වනවා. මේ අනුව ලංකාවේ විදුලි බල සැපයුමෙන් සැලකිය යුතු පංගුවක පාලනය මෙම නිව් ෆෝට්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සතු වන අතර මෙම තත්වය රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ඇද දැමීමට ඉඩ තිබෙනවා.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. නිව් පෝට්ට්‍රස් එනර්ජි සමාගම සමග අත්සන් කරනු ලැබ ඇති හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම්වලට අනුව කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක අයිතියත් ගබඩා පර්යන්තය සහ නල පද්ධතිය ඉදිකිරීමත් වසර 05කට ගෑස් සැපයීමත් එම සමාගමට පැවරීමට බලාපොරොත්තු වන්නේද?
02. ගබඩා පර්යන්තය ඉදිකිරීමට සහ නල පද්ධතිය ඉදිකිරීමට පිළිවෙළින් විදුලි බල මණ්ඩලය සහ ඛනිජතෙල් සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවනු ලැබ තිබියෙදී ටෙන්ඩර් ඉදිරිපත් නොකරන ලද මෙවැනි සමාගමකට ඒවා ලබා දීමට කටයුතු කරන්නේ ඇයි?
03. ද්‍රවීකෘත ස්වාභාවික ගෑස් (ඛභඨ) සැපයීමේ ඒකාධිකාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව වසර 05 කාලයකට එම සමාගමට පැවරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?
04. ඉහත ගනුදෙනුවලට අදාළ සමස්ත මූල්‍ය වටිනාකම කොපමණද යන්න තක්සේරු කරනු ලැබ තිබේද? එය කොපමණද?
05. කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මූල්‍ය වටිනාකම තක්සේරු කරනු ලැබ තිබේද? එය කොපමණද?
06. ඉහත කරණුවලට අදාළව නිව් පෝට්ට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුමක් හෝ ගිවිසුම් කිහිපයක් අත්සන් කරනු ලැබ තිබේද? අත්සන් කර තිබේනම් එම ගිවිසුම හෝ ගිවිසුම් මොනවාද? ඒවා සභාගත කිරීමට කටයුතු කරන්නේද? සභාගත නොකරන්නේ නම් ඊට හේතු කවරේද?
07. මීට අදාළව අත්සන් තබන ලද ගිවිසුම්වලින් අත්සන් තැබීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ කවර ගිවිසුම්ද?
08. මීට අදාළව අත්සන් තබන ලද ගිවිසුම්වලින් අත්සන් තැබීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ කවර ගිවිසුම්ද?
09. මීට අදාළව අත්සන් කිරීමට පෙර හෝ පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලද ගිවිසුම් තිබේ නම් ඒවා කවරේද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ මුල්ම කොවිඩ් කළු දිලීර මරණය වාර්තා වේ…

Next Post

නැනෝ පොහොර ගෙන්වන සල්ලි පෞද්ගලික ගිණුමකට ගිහින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.