බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැනෝ පොහොර ගෙන්වන සල්ලි පෞද්ගලික ගිණුමකට ගිහින්!

විජිත හේරත්ගේ අනාවරණයට මහින්දානන්දගෙන් පිළිතුරක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා ශ්‍රි ලංකාවට හදිසියේ ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සඳහා මුදල් ගෙවීමේදී ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත මීට දින හතරකට පෙර මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ හදිසියේ ආරම්භ කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් නම් ගිණුමකට රජයේ මුදල් රුපියල් 29 කෝටි තිස් දෙලක්ෂයක් බැර කර ඇති බවත් පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලයවත් නොදන්වා මේ තරම් විශාල මුදලක් පෞද්ගලික ගිණුමකට යොමු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

පසුගිය 18 වැනිදා ආරම්භ කළ මෙම මුදලට විසි නව කෝටි තිස් දෙලක්ෂයක් බැර කළද මේ වනවිට ගෙවා ඇත්තේ නව කෝටියකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට ඉදිරි රුපියල් කෝටි 20කට අධික මුදල රුපියල්වලට පරිවර්තනය කරන ලෙස ට එහි අධ්‍යක්ෂවරුන් වෙතින් මහජන බැංකුවට ඉල්ලීම් කර ඇති බවද ඔහු තවදුරටත් අනාවරණය කරමින් පැවසුවේ මෙම පොහොර ගනුදෙනුව පිළිබඳ ව පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතු බවය.

ඔහු මේ පිළිබඳව මෙසේ පාර්ලිමේන්තුවේදී මෙසේ විස්තර කළේය.

රටේ තිබෙන පොහොර ප්‍රශ්නය හමුවේ පසුගියදා ඉන්දියාව පොහොර ආනයනය කිරීමට කටයුතු කළා. ඒ පොහොර ගෙන්වූයේ ඉන්දියානු ගොවීන්ගේ පොහොර සමුපකාර සමාගමෙන්. . පොහොර ගෙන්වීමට කටයුතු කළේ ලංකා පොහොර සමාගම.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව භාණ්ඩාගාරයේ මුදල් මහජන බැංකුව මඟින් එම බැංකුවේ පසුගිය 18 වැනිදා ආරම්භ කළ නව ගිණුමක් හරහා ගෙවන ලෙස නියෝග ලැබිල තිබෙනවා. මේ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඉන්නවා. ඒ මොහාන් ටී පෙරේරා, ජී.එම් වීරසිංහ.මේ අය කවුද? පොහොර සමාගම් අයිතිකාරයොද?

මේ සල්ලි ගෙව්වේ කොහොමද. භාණ්ඩාගාරයේ මහජන බැංකුවට ඉල්ලීමක් කරල තිබෙන මහජන බැංකුවේ සල්ලි වෙනුවට ටී.ටී ක්‍රමයට යැවීමට උපදෙස් ලැබී තිබෙනවා. ලංකා පොහොර සමාගම තිබියදී ආපු මේ පෞද්ගලික සමාගම කවුද?

මේක අරුම පුදුම රටක්. මේ විදිහට පෞද්ගලික ගිණුමකට ආව මහජන බැංකුවේ සල්ලි ඩොලර් මිලියන 1.257ක්. 29 කෝටි 32 ලක්ෂයක්. මෙම අරමුදල් පෞද්ගලික ගිණුමකට මහජන බැංකු කොහොමද බැර කරන්නේ?

ඩොලර්වලින් මෙම ගිණුමට යොදපු මුදල්වලින් ඉන්දියානු සමාගමට මේ වනවිට ගෙවා තිබෙන්නේ . ඩොලර් ලක්ෂ 3යි. ඩොලර් 50000ක් නැව් ගාස්තු . මෙලෙස ගෙවූ මුදල් රුපියල්වලින් නව කෝටියෙක් විතර. මේ ගිණුමේ තවත් කෝටි 20කට වඩා තිබෙනවා. . රජයේ අරමුදල් මහජන බැංකුව හරහා මේ පාර්ලිමේන්තුව දන්නේ නැතිව මම හිතන්නේ කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැතිව කොහොමද කරන්නේ?

ඒ විතරක් නෙවෙයි 18 වැනිදා ආරම්භ කළ මේ ගිණුමේ පවතින ඉතිරි ඩොලර් රුපියල්වලට පරිවර්තනය කරන්න කියල මහජන බැංකුවට අධ්‍යක්ෂවරුන් දිගටම බලපෑම් කරන බව පැවසෙනවා.මේ අධ්‍යක්ෂවරු තවමත් හැඳුනුම්පත් අංකවත් බැංකුවට ලබා දී නැති බව බැංකුව කියනවා. ඉන්දියාවට ඩොලර්වලින් ගෙවන්න නම් මේවා රුපියල්වලට පරිවර්තනය කරන්නේ ඇයි? ඉන්දීය සමාගම ලංකා රුපියල්වලින් මුදල් ඉල්ලනවද?

මේක මහා පරිමාණ සිද්ධියක් රජයේ මුදල් ඒ විදිහට හුවමාරු කිරීමේ නෛතික බලය කුමක්ද? ගොවීන්ට පොහොර නැතිව මහ පාරේ දුක් විඳින වෙලාවේ විසි නව කෝටියක් එහෙට මෙහෙට මාරු කරන්න මොකක්ද තිබෙන නෛතික බලය?.

මේ අනාවරණය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේද පිළිතුරක් ලබා දුන්නේය. ඔහු සඳහන් කළේ ඉන්දීය පොහොර සමාගමෙන් මෙම නැනෝ නයිට්‍රජන් ලබා ගැනීමේදී ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමක් වුණු බවයි. ඒ අනුව මෙම යෝජනාව ගෙනා සමාගම ලෙස යුනයිටඩ් ෆාමරස් ට්‍රස්ට් ලිමිටඩ් නම් සමාගම ඉන්දීය පොහොර සමාගමේ දේශීය නියෝජිතයා ලෙස පත් කරන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මෙම දේශීය නියෝජිත සමාගම හරහා අදාල මුදල් හුවමාරු වූ බවයි. එබැවින් එහි කිසිදු වංචාවක් හෝ හොරයක් සිදුව නැති බව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අවුරුදු පහක ඒකාධිකාරයක් ඇමෙරිකානු සමාගමකට දෙන එකේ තේරුම මොකක් ද?”

Next Post

රජයේ සියලුම ප්‍රාථමික පාසල් ලබන සඳුදා සිට අරින්න අවසර

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.