දිනසේන රතුගමගේ –
රතුලූණු වගාව පහසු කරවන නව යන්ත්‍රයක් යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ ගොවියෙකු විසින් නිපදවා තිබේ.
අච්චුවේලී ප්‍රදේශයේ එස්.චන්ද්‍රසේකරන් නැමති මෙම ගොවියා අත් ටැක්ටරයකට සවි කළ හැකි වන සේ නිපදවන ලද මෙම යන්ත්‍රයෙන් රතු ලූණු බීජ සිටුවීම අස්වැන්න නෙලීම රතුලුණු සකස් කිරීම යන සියළුම කාර්යයන් ඉටු කළ හැකිය.
වසර දෙකක් තිස්සේ උත්සාහ කිරීමකින් පසුව මෙම යන්ත්‍රය යාපනයේ ගොවියා විසින් නිපදවා ඇති අතර එම යන්ත්‍රය යාපනයේ කෘෂිකර්ම නිලධාරීන් ඉදිරියේ ක්‍රියාත්මක කොට පෙන්වීම පසුගියදා යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ රතුලුණු සිටුවන වගා භූමියකදී සිදු විය.
මෙම ගොවියාට ඉදිරියේදී මෙම යන්ත්‍රය තවත් වැඩි දියුණු කර ගැනීම සදහා උපකාර කිරීමට උතුරු පළාත් කෘෂිකර්ම නිලධාරීන් පොරොන්දු වී ඇත.







