හොංකොං පොලිසිය විසින් තියැන්මාන් චතුරශ්‍රයේ සිදූ වූ සමූලඝාතනයේ සංවත්සරයේදී ප්‍රජාතන්ත්‍ර හිතවාදී ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැමරීම සිදුකර ඇත්තේ 1989 වර්ෂයේදී චීනයේ බීජිං හි පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරය යුධ ටැංකි හා හමුදා යොදා අතිශය අමානුෂීය ලෙස මැඩපැවැත්වීමට උත්සහ කිරීමේදී
චීන රජය විසින් එරට තුල මෙම තියැන්මාන් සංහාරය සැමරීම තහනම් කර ඇති අතර එයට සහභාගී වන පිරිස් දැඩි ලෙස මර්ධනය කිරීමටද පියවරගනු ලබයි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අය අතර 67 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා වොන්ග්, හෙවත් “ආච්චි වොන්ග්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රකට උද්ඝෝෂිකාවක්ද සිටී.
විරෝධතා හේතුවෙන් හොංකොං නගරය තුල දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබූ අතර දැඩි සොදිසි කිරිමකටද ලක්ව තිබිණි. මෙහිදී වික්ටෝරියා උද්‍යානය අසලදී මල් රැගෙන යමින් සිටියදී පොලිසිය විසින් ඇයව මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර හොංකොංහි ප්‍රධාන විරුද්ධ පක්ෂයක නායකයෙක් ද විය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානියා වන ප්‍රවීන ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරිකයෙකු වන චැන් පෝ යින්ග් ඉටිපන්දමක් සහ මල් දෙකක් අතැතිව සිටි ඇත.
චීනය විසින් තියැන්මාන් සංහාරය එරට ඉතිහාසයෙන් මකා දැමීමට දැඩි උත්සහයක් ගනී. එරට මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම මහජන නැගිටීම එය වන අතර එය මැඩපැවැත්වීමට චීන රජය කටයුතු කළ ආකාරය දැඩි ජාත්‍යන්තර දෝෂාරෝපනයට ලක්විය.