බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වෛද්‍ය විද්‍යාවටත් විශ්මයක් වූ හැත්තෑ වියැති මිත්තනියකගේ කුළුඳුල් දරු උපත…

by editor
ජූනි 13, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි –

මිනිසුන් ජීවත් කරවන්නේ ඔවුන්ට ඇති ආශාවන්ය. බලාපොරොත්තුය. මිනිසුන්ගේ ආශාවන් සහ බලාපොරොත්තු නොවන්නට, බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා වෙහෙසෙන මිනිසුන් නොවන්නට මෙතරම් දියුණු විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවක්,  පහසුකම් ලත් ලොවක් බිහිවන්නට ඉඩක් නැත.

මිනිස් ආශාවන් සහ කුතුහලය නිසා  මිනිසුන් විසින් වැඩි දියුණු කර  ගත් විද්‍යා – තාක්ෂණය අද මිනිසුන්ගේ ආශාවන් ඉටු කර ගැනීමට තරම් දියුණු මට්ටමකට පැමිණ ඇත. කොටින්ම මිනිස් අවශ්‍යතා හා ආශාවන් හා විද්‍යාව හා තාක්ෂණය එකිනෙකාට ලිහා දැමීමට නොහැකි තරම් බැඳීමක් බවට පත්ව තිබේ.

මේ කතාව අසන්න.

රබාරි සිය දරුවා සහ සැමියා සමග

දරුවකු ලැබීමේ නොතිත් ආශාවෙන් පෙළුණු 70 හැවිරිදි ඉන්දීය කාන්තාවක් In vitro fertilization (IVF) ක්‍රමය භාවිතයෙන් මවක වූවාය. සිද්ධිය පසුගිය සතියේ ජාත්‍යාන්තර මාධ්‍ය වර්තා කළේය. ජිව්බෙන් වල්ලභයි රබාරි නම් ඒ මව සිය දරුවා පසුගිය සැප්තැම්බර් මාසයේ 9 වැනිදා බිහි කොට තිබුණාය.

In vitro fertilization (IVF) ක්‍රමය යනු සරු භාවය සම්බන්ධ ගැටළු ඇති පුද්ගලයන්ට දරුවෙකු ලැබීමට උපකාර වන ක්‍රම කිහිපයෙන් එකකි. IVF අතරතුර, කාන්තාවගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් ඉවත් කර රසායනාගාරයක් තුළදී ශුක්‍රණු සමඟ සංසේචනය කරනු ලැබේ. කලලයක් ලෙස හැඳින්වෙන සංසේචනය වූ ඩිම්බය නැවත වර්ධනය වීමට කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරයි. එය දරුවන් ලැබිමේ සරු බව අඩු යුවළ  භාවිත කරන සුලභ විද්‍යාත්මක ක්‍රමයක් බවට පත්ව ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නමුත් 70 හැවිරිදි කාන්තාවක් IVF ක්‍රමයෙන් දරුවක් බිහි කර ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වී නොතිබිණි. ශරීර ශක්තියෙන් දුර්වල කාන්තාවක් දරුවකු බිහි කිරීමට යෑම මරණීය සංකූලතා ඇති කිරීමට අනිවාර්යෙන්ම හේතු විය හැකි බැවින් වෛද්‍ය විද්‍යාවේ මෙවැනි අත්හදා බැලීම් මීට පෙර නොවූවා වෙන්නට පුළුවන.

වෛද්‍යවරයා හමුවෙයි

බටහිර ඉන්දියාවේ, බූජ් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි රපාර් ගම්මානයේ කිරි ගොවියකු වන රබාරි    හර්ෂ් IVF මධ්‍යස්ථාන වෙත පැමිණ වෛද්‍යවරුන්ගෙන් අයැද සිටින්නේ තමාට දරුවකු ලබා ගැනීමට ප්‍රතිකාර කරන ලෙසයි. දරුවකු ලබා ගැනීම පිළිබඳ සිතා තමා  මානසිකව තදබල ලෙස ඇද වැටී ඇති බව වෛද්‍යවරියට ඇය හැඟුම්බරව පැවසුවාය.

ඇය වයසින් වැඩි බවත් මෙම ක්‍රියාකාරකම ඇගේ සෞඛ්‍යයට අනතුරුදායක බවත්  බුජ් හි ගුජරාටි ගම්මානයේ නාරිවේද වෛද්‍යවරියකවන වෛද්‍ය නරේෂ් භනුෂාලි ඇයට උපදෙස් දුන්නද ඇය එම උපදෙස් පිළිගැනීම ප්‍රතික්ෂේප කළාය.

වෛද්‍ය භානුශාලි මෙසේ සඳහන් කළාය, “අවසානයේ ඇය අඬන්න පටන් ගත්තා, ‘මම මැරුණත්, මම අඩුම තරමින් දරුවෙක් හදන්න උත්සාහ කළ එක ගැන මම සතුටු වෙනවා  කියා පැවසුවා” යැයි  වෛද්‍යවරි  ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත පවසා තිබිණි.

රබාරි මහත්මිය ප්‍රථම වරට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය නරේෂ් භනුෂාලි වෙත මීට වසර එකහමාරකට පමණ පෙර පැමිණ ඇත. ඒ වෛද්‍යවරිය ඇයගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට   ලබා දුන් IVF ප්‍රතිකාර මගින් සාර්ථක ලෙස පිළිසිඳ ගැනීමෙන් පසුවය.

පවුලේ මේ සාමාජිකයන් සියල්ලෝම වයස අවුරුදු 45ත් 50ත් අතර වූ නිසා IVF ප්‍රතිකාරය කළ හැකි බව වෛද්‍යවරිය ඇයට පැහැදිලි කළත් ඇය නෑසූකන්ව සිටියාය.

ඇයට ඇගේ ජීවිතය අහිමි වීමේ සම්භාවිතාව ඇතුළුව නිෂේධාත්මක උපදෙස් දීමට උත්සාහ කළ නමුත් ඇය හැඬුම් සමඟින් කියා සිටියේ ප්‍රතිකාරය කරන ලෙසය.

රෝහල් ප්‍රවේශ වාර්තා අනුව රබාරි මහත්මියගේ උපන් දිනය සොයා ගැනීමට නොහැකි වී තිබිණි. මන්ද ඇයගේ වයස තහවුරු කිරීමට ඇයට ඡන්ද හිමි හැඳුනුම්පතක් හෝ උප්පැන්න සහතිකයක් වැනි ලියකියවිලි නොමැති වීමයි. පුද්ගලයන් හඳුනා ගැනීමේ සහතිකයන් නොමැති වීම ග්‍රාමීය ඉන්දියාවේ පොදු ගැටලුවකි. කෙසේ වෙතත්, වෛද්‍යවරුන් පවසන පරිදි, ඇයගේ වයස අවුරුදු 70 ක් පමණ විය.

ප්‍රතිකාර අරඹයි

රබාරි මහත්මිය වසර 20කට වැඩි කාලයක් පශ්චාත් ආර්තවහරණයට ලක්ව සිටි කාන්තාවකි.  වෛද්‍යවරු ඇයගේ ගර්භාෂය විශාල කර, IVF  ක්‍රියා පටිපාටිය සිදු කිරීමට පෙර ඔසප් වීම ඇති කිරීම සඳහා ඇයට හෝමෝන ඖෂධ ලබා දුන්හ. සාමාන්‍ය IVF ක්‍රියා පටිපාටිවලදී, බහු කළල මාරු කරනු ලැබුවද ඇගේ ගර්භාෂයේ එක් කළලයක් පමණක් තැබීමට ප්‍රමාණවත් කුඩා ඉඩක් පමණක් තිබුණු බැවින්  තනි කළලයක් බද්ධ කිරීම සඳහා IVF භාවිතා කරන ලදී. දින 15කට පසු ඇය සාර්ථක ලෙස පිළිසිඳ ගෙන ඇති බව රුධිර පරීක්ෂණවලින් හෙළි විය.

නීරෝගී දරු උපතක්

“කුස තුළ වැඩුණු දරුවා සාමාන්‍ය ලෙස සහ විෂමතා නොමැතිව වර්ධනය විය. කෙසේ වෙතත්, අටවැනි මාසයේ ඇගේ රුධිර පීඩනය ඉහළ ගිය අතර, මාසයකට පෙර දරුවා ප්‍රසූත කිරීමට වෛද්‍ය කණ්ඩායම තීරණය කළේය. ශල්‍යකර්ම සහ පශ්චාත් ශල්‍ය ප්‍රතිකාර යන දෙකම බාධාවකින් තොරව සිදු විය. ලාලෝ නම් පිරිමි දරුවා ඉපදුණු දිනයේ සිට නොමේරු ළදරු ඒකකයේ  (NICU)  දින 15 ක් රඳවා  ප්‍රතිකාර කරන ලදී. අනතුරුව අලුත් මවට හා පුතුට නිවසට යෑමට යාමට අවසර ලැබිණි.

වාසනාව

වෛද්‍යවරු ප්‍රකාශ කළේ ඇයගේ හිමොග්ලොබින් මට්ටම නිරීක්ෂණය කිරීමට උපරිම සැලකිල්ලක් දැක්වූ අතර කිසිදු සංකූලතාවක් ඇති වනු ඇත්දැයි අවධානයෙන් සිටීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සත්කාර විශේෂඥයන් ගෙන්වා ගත් බවයි. කෙසේ වෙතත් තවමත් මේ දරු උපත  ව්‍යතිරේකයක් බව වෛද්‍ය විශේෂඥවරු පවසති.

“අපි උපරිම සැලකිල්ලෙන් ක්‍රියා කළත්, ක්‍රියා පටිපාටිය සාර්ථක වීම ගැන ඇය සහ අප දෙදෙනාම වාසනාවන්ත බව මම පිළිගත යුතුයි,” වෛද්‍යවරිය කියා ඇත. එනම් මෙම සිදුවීම ඉතා හොඳින් සාර්ථක වීම අහම්බයක් පමණි.

වෛද්‍යවරියට අලුත් අත්දැකීමක්

සාර්ථක IVF ප්‍රතිකාරය සිදු කළ වෛද්‍යවරි  ද ඉන්ඩිපෙන්ඩන්ට් වෙත කියා සිටියේ ඇයගේ වසර 20 ක වෘත්තීය කාලය තුළ එවැනි අවස්ථාවක්  කිසි දිනෙක දැක නොමැති බවයි. එසේම මෙම වෛද්‍යවරිය IVF ප්‍රතිකාර දහසක් පමණ කර ඇතත් මෙවැනි වැඩිහිටි වයසක පසුවන කාන්තාවක් සඳහා එය කළ පළමු ප්‍රතිකාරය බවද කියා තිබිණි.

දරුවාගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්

දරුවකු මවකට, පවුලක, රටකට සම්පතක් වුවත් දරුවකු ලෙස ආදරයෙන් රැක බලාගෙන, වැඩිහිටියකු ලෙස සමාජ ගත කරවීමේ කාර්ය ලෙහෙසි පහසු කටයුත්තක්⁣ නොවේ.

මේ සිදුවීමේදි නම් වෛද්‍යවරුන් විසින් දරුවාට කුමක් සිදුවේද යන්න ගැන  කනස්සල්ලට පත්ව සිටි බව එම ප්‍රතිකාර ක්‍රියාවලිය කළ වෛද්‍යවරු මාධ්‍ය වෙත කියා තිබේ. වෛද්‍ය භානුශාලි ප්‍රකාශ කළේ රෝගියාගේ පවුලේ අය සහ ගම්වාසීන් කිහිප දෙනෙක් රෝගියාට යම් දෙයක් සිදු වුවහොත් දරුවා රැකබලා ගන්නා බවට  සහතික වීමට පැමිණි බවය.

දරුවකුට මවක මිස

ඒ කෙසේ වෙතත් වයෝවෘද්ධ මව හා පියා කුඩා කළ සිට දරුවාට අහිමි වුවහොත් ඒ දරුවාට යන කල දසාව සිතා ගත හැකිද. කොතරම් නෑයන් සිටියත් මවක පියකුට සම කළ හැකි වෙනත් පුද්ගලයන් දරුවකුට සිටිය හැකිද?

මිනිසාගේ ආශාවන් – අවශ්‍යතාවන් නිසා විද්‍යාව හා තාක්ෂණය දියුණු වූ බව සැබැවි. ඉන්පසුව විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ ආශාවන් – අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට භාවිත කරන්නට පටන් ගැණින. එසේ නම් කළ යුත්තේ මිනිස් සංහතියේ ප්‍රගමනය සඳහා විද්‍යාව භාවිත කිරීමයි.

එහෙත් මේ සිදුවීම බරපතළ ගැටලුවක් සමාජය ඉදිරියේ තබා තිබේ. ස්වකීය අභිප්‍රාය වෙනුවෙන් කෘත්‍රිමව නිර්මාණය කරගත් දරුවාට වයස අවුරුදු 10 යනතුරු මේ මව්පියන් ජීවත් වේ නම් එය වාසනාවකි.  ඉන් අනතුරුව මේ නොදරුවා සමාජයට පිවිසෙන්නේ මා පියන් අහිමි අනාථයෙක් ලෙසිනි.

දුගී දකුණු ආසියාතික සමාජවල අනාථ දරුවෙක් වෙනුවෙන් සැලසෙන මානුෂීය රැකවරණයක් නැත. යථාර්ථයක් කිරීමට පෙර  වඩාත් වැඩි බරකින් මෙවැනි සමාජ මානුෂීය බැඳිමක් සහිත  තීන්දු තක්සේරු කළ යුතු වන්නේ එබැවිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද ලෝක ලේ දන් දීමේ දිනයයි

Next Post

තියැන්මාන් සැමරුමට එක්වූ හොංකොන් වැසියන් අත් අඩංගුවට

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.