සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 44කට පස්සේ මේ ඉදිරිපත් වන්නේ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සංස්කරණයක්… මේ සියලු ප්‍රතිසංස්කරණ අපි එකතු වෙලා කරමු. හර්ෂ අගමැතිනියට සුබ පතමින් කියයි!

by editor
ජූලි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරිපත් කර ඇති ඉදිරිගාමී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ලටම උපරිම සහාය ලබා දෙන බවත් මේ ප්‍රතිසංස්කරණයට දේශපාලන විවේචන ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින නමුත් වසර 44කට පසු මේ සංශෝධන සහිතව ඉදිරිපත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බරපතල ව්‍යසනයක් කර කඩාකප්පල් කළ 1981දී රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ මේ ඉදිරිපත් වී ඇති ප්‍රතිසංස්කරණයන් යහ පාලන රජයේ අකිල විරාජ් කාරියවසම් විසින් දියත් කර, ඉන් පසුව පැවති ගෝඨාභය ආණ්ඩුවේ දී සංවර්ධනය වුන සංකල්ප සහිත වැඩපිළිවෙළක සංශෝධනයක් සහිත ඉදිරියක් බවය. රජයෙන් රජයට අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිය විතැන් නොවී අඩුපාඩු පුරවා ගනිමින් එකම දිශාවකට ගමන් කරවන වැඩපිළිවෙළක් ජාතියක් ක්‍රියාත්මක කිරීම ගැන රජයට ස්තුතිවන්ත වෙන බවය.

“වැඩේ අවුල් කරන්න එපා… සහයෝගය දෙන්න… අනාගත අභියෝග ජය ගන්න පුලුවන් සජීවී ජීවිතයක් තියන නූතන දරුවෙක් බිහි කරන්න කියන එකයි ජනාධිපති තුමා කිව්වේ. . කිසිසේත්ම අපි ඒකට විරුද්ධ නෑ. අපි එකඟ වෙනවා. හැබැයි මේ දේවල් කතාවට පමණක් සීමා වෙන්න බෑ. ”

“මේක තමයි 2019 යහපාලන කාලයේ අකිල විරාජ් කාරියවසම් ඇති කරලා තිබුණ ප්‍රතිසංස්කරණයට දාලා තිබුණ ටයිටල් එක. 2020 ප්‍රතිසංස්කරණවල ටයිටල් එකත් මේකමයි. මේක හොඳ දෙයක්. ඒකට අපි ගරු කරනවා. මේක තමයි වෙන්න ඕන. හරිනි අමරසූරිය අගමැති තුමිය අද ඉදිරිපත් කරලා තියෙන්නේ සංශෝධන සහිත එම වැඩපිළිවෙළ.”

“අපි රාමුව හදන්න ඕන කියලා ජනාධිපතිතුමා කිව්වා. අධ්‍යාපනඥයො තමයි මේ ප්‍රේම් වර්ක් එක පුරවන්න ඕන. මේකේ කුළුණු පහක් ගැන කතා කරනවා. එතනදි කුඩා පාසල් ගැන මුදල් ගැන කතා කළා. ගුරු පුහුණුව ගැන කතා කරලා. මොඩියුල සිස්ටම් එක තමයි ලෝකයේ යන්නේ. ඒවා සාධනීය දේවල්.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“මේ සියලු දේට එකඟයි. මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව රටේ පුළුල් කථිකාවතක් ආරම්භ කරන්න ඕන. පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ නැතිනම් සියලු දෙනාම එකතු කරගන්න වේවි මේ වැඩපිළවෙළට. කවුරු මොනවා කිව්වත් 1931 දි ඉඳන් කන්නංගර මැතිතුමා විසින් ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන වැඩපිළිවෙළ තමයි මේ ඉස්සරහට යන්නේ. ඒ ගමනේදි බොහෝ ගැටුම්වලට ලක් වුනා. එතුමා ඡන්දෙත් පැරදුනා. 1956දි සිද්ධ වුන දේ කවුරුත් දන්නවා.”

මේ වකවානුවේ දී චන්ද්‍රිකා මැතිණිය ගෙනාපු වෙනස්කම් ගැන අමතක කරන්න එපා. 1981 රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනාපු අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් මෙතන කතා කළ යුතුයි. අපිට පේන එක වැදත් දෙයක් තියනව. අද ඉදිරිපත් කරලා තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික හරය ඉදිරිපත් වෙලා තියෙන්නේ මීට අවුරුදු 44කට කලින්. මේ ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවේ. මේ ඉදිරිපත් වෙන්නේ ඒකේ සංශෝධනයක් වෙන්න පුලුවන්. නමුත් අවුදුරු 44ක් අපට මිස් උනේ කොතැන ද කියලා බලන්න වෙනවා.

ධවල පත්‍රිකාවට මොකද උනේ කියලා ජේ.වී.පී එක අය දන්නවා. එදා ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ආන්ඩුව අධ්‍යාපනය හොර පාරෙ විකුණන්න හදනවා කියලා තමයි කිව්වේ. කෙසේ වෙතත් ගරු ජනාධිපති තුමා අද ඒක පිළිගන්න. දැන් පරණ වැටුන වලේ නොවැටී ඉඳීවි කියලා අපි හිතනවා.

“රටේ අනාගතය අනතුරට දාන්නේ නැතිව එකතුවෙලා මේ දේ කරමු. මහින්ද ජයසිංහ මහත්මයලා ගුරුවරු පාරට බස්සලා නවත්වපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔවුන් විසින් ඒ විදිහටම යෝජනා කිරීම දෛවයේ සරදමක් කියලා මා විශ්වාස කරනවා.”

ඉංග්‍රීසි ගැන ජනාධිපති තුමා මෙතනදි කතා කළේ නෑ වැඩිය. මම දේශපාලකයෙක් විදිහට අවුරුදු විස්සක් විතර කළ පරීක්ෂණයක් තියනවා. සමූහයක් එකතුවෙන තැනකට ගියාට පස්සේ මම අහනවා ඔබ ඔබ් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕන මාධ්‍ය ඉංග්‍රිසී ද සිංහල ද කියලා. අතිශය බහුතරයක් අවස්ථාවල සියයට සීයක් කැමති වෙන්නේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන්න. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගත්තා කියලා තමන්ගේ භාෂාව සංස්කෘතිය අමතක වෙන්නේ නෑ. ලෝකය ජයගන්න වගේම ගමේ පාසලේත් කොළඹ රාජකීය විද්‍යාලයෙත් වෙනස යා කරන පාලම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වේවි.

ඒ මොන දේ තිබුණත් ගීයක් රස විඳින්න බැරි, චිත්‍රයක් විඳන්න බැරි පරම්පරාවක් වෙනුවට සංවේදී මිනිස්සු ටිකක් රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි විය යුතුයි.

අපි එකඟයි. මේ ප්‍රතිසංස්කරණ එකතු වෙමු. සියලු දෙනාම එකට එකතු වෙමු. ඔබතුමියට සුබ පතනවා…” ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ විෂය මාලා වෙනස් කිරීමක් නොවේ… ජාතියක් ලෙස එකතු වී අපි මේ අධ්‍යාපන වෙනස සිදුකරමු… ජනපති විපක්ෂයෙන් ඉල්ලයි!

Next Post

රුසියානු යානයක් කඩා වැටී 49 දෙනෙක් මිය යයි… කුඩා දරුවන් 05ක් ඒ අතර…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.