බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 15ක පාසල් සිසුන් දෙදෙනෙක් සම්බන්ධ කසිප්පු ජාවාරමක් අල්ලයි… ප්‍රධාන ජාවාරම්කරුට අවුරුදු 24යි…

by editor
ජනවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • අසල ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමට එන දරුවනට කසිප්පු විකුණලා… පිට පළාත්වලට කසිප්පු ප්‍රවාහනය කරන්න ජාවාරමට සම්බන්ධ දරුවන් දෙදෙනා යොදාගෙන…

පොළොන්නරුව වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙකු සම්බන්ධ කර ගනිමින් අසේලපුර ප්‍රදේශයේ මුළුතැන් ගෙයක කාලයක් තිස්සේ, ගෑස් ලිප් සහ සිලින්ඩර් භාවිතයෙන් නිෂ්පාදනය කර පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා ප්‍රධාන ජාවාරම්කරු, සිසුන් දෙදෙනා, පෙරීමට යොදාගත් උපකරණ, නීති විරෝධී අරක්කු තොගයක් ඊයේ ( 09 ) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

සැකකරුවන් සතුව තිබු අරක්කු ලීට‍ර් හතළිහක්, පෙරීමට යොදාගත් දඟර එකක්, ගෑස් ලිපක්, සහ ගෑස් සිලින්ඩරයක්, මුළුතැන් ගේ පිටුපස පොළොව යට සඟවා තිබූ බැරල්, ගෝඩා පිරවූ ප්ලාස්ටික් බුලි කීපයක්, මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අවුරුදු විසිහතර වයසේ පසුවන අතර බාල වයස්කාර සැකකාර සිසුන් දෙදෙනා අවුරුදු 15 වයසේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු, කළුතර, මාපලගම සිට මාස දෙකකට ඉහතදී පැමිණ මෙම ඉඩම රුපියල් ලක්ෂ හතක මුදලට ගෙන පාසල් දරුවන් දෙදෙනා සම්බන්ධ කරගෙන මුළුතැන්ගෙය තුළ ඉතා සූක්ෂමව මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බව ඒ පිළිබඳ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී පැවසීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නිවස අසල ක්‍රීඩාංගනයේ සෙල්ලම් කිරීමට පැමිණෙන පාසල් දරුවන්ට නිෂ්පාදනය කරන නීති විරෝධී අරක්කු, අලෙවි කිරීමේ අරමුණින් සහ වෙනත් ප්‍රදේශවලට අරක්කු ප්‍රවාහනය කිරීම සඳහා මෙම සිසුන් දෙදෙනා ජාවාරමට සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු තහවුරු ඇති බවද පොලිසිය කියයි.

සැකකරුවන් ඇප මත නිදහස් කර එළඹෙන 16 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්.ජරූල්ගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගේ උපදෙස් මත, වැලිකන්ද දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ටී.කේ.වීරසිංහ, පොලිස් සැරයන් 67334 ෆ්‍රෙන්සිස්, පොලිස් කොස්තාපල් 89157 නිශාන්ත, පොලිස් කොස්තාපල් 102737 රණසිංහ, යන පොලිස් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවි කෞතුකාගාරයේ පුරාවස්තු කොල්ලය… දින දෙකක් පුරා සීඅයිඩී විමර්ශන පැවැත්වෙයි!

Next Post

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.