දිනසේන රතුගමගේ –
යාපනයේ ක්රියාත්මක ” ආවා කල්ලියේ” වර්තමාන නායකයා ලෙස සැලකෙන විනෝදන් හෙවත් විදූෂන් නැමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේෙ (27) යාපනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් මෙම සැකකරු යාපනයේ චුන්නාකම් පොලීසිය වෙත බාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගෙන තිබේ.
”ආවා කල්ලියේ” නායකයා තවත් කීප දෙනෙකු සමග යාපනයේ කන්කසන්තුරේ පාරේ නිවසකට පැමිණ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල ප්රදේශය පුරා සෝදීසි මෙයෙයුමක් දියත් කළ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.