දිනසේන රතුගමගේ –
වවුනියාවේ මදියමඩු ප්‍රදේශයේ එළුගාලක සිටි එළු දෙනක් 27 දා සවස කකුල් අටක අරුම පුදුම එළු පැටවකු බිහි කොට තිබේ.
එළුදෙන අයිති එස්.රාසලිංගම් ගොවියා ප්‍රකාශ කළේ එම එළු පැටවා ඉතා නීරෝගීව සිටින නමුත් කකුල් සංඛ්‍යාව වැඩි නිසා එම එළු පැටවාට එක් වරම නැගිටීමට නොහැකි බවයි.
කකුල් අටක මෙම අරුම පුදුම එළු පැටවා දැක ගැනීමට අසල්වාසීන් විශාල වශයෙන් පැමිණෙන බවද ඔහු කියා සිටියේය.