මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල මනම්පිටිය දමිළ ගම්මානයේ අවතැන් වූ පවුල් සඳහා බෙදා දීමට තිබූ වියලි සළාක තොගයක් අද (01) අලුයම වන අලියකු විසින් හානිකර ඇති බව එම ගම්වාසීහු සඳහන් කරති.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් මනම්පිටිය දමිළ ගම්මානයේ පවුල් සියයකට වැඩි පිරිසක් අවතැන්ව සිටි අතර වන අලියා විසින් විනාශ කර ඇත්තේ මේ පිරිසට ලබාදීමට සූදානම්කර තිබූ උදෑසන ආහාර වේලය.
අවට ගම්මානවල තරුණ පිරිස් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් අවතැන්වූවන්ට ආහාර සපයා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් මනම්පිටිය දෙමළ විද්‍යාලය අසල නිවසක ගබඩා කර තිබිය දී එම ගබඩාවේ ජනෙල් කඩා වන අලියා විසින් මෙම ආහාර ද්‍රව්‍ය විනාශ කර ඇත.
මෙම වන අලියා දින පහක කාලයක් තිස්සේ ප්‍රදේශයේ නිවාස විසිපහකට හා හානි සිදුකර ඇති බවද ,මනම්පිටිය ගම්වාසිහු සඳහන් කරති.







