සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් වෛද්‍ය වෘත්තිය සමිතිය සෞඛ්‍ය ලේකම් හමුවෙයි

by Lanka Sara Editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අලුතින්‌ පිහිටුවා ගන්නා ලද වෛද්‍ය හා සිවිල්‌ අයිතිවාසිකම්‌ පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හා සෞඛ්‍ය ලේකම්‌වරයා අතර විශේෂ සාකච්ඡාවක්‌ පසුගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වා ඇත.

මෙහිදී වෛද්‍යවරුන්ට බලපාන ගැටලු පහළොවකට ආසන්න ප්‍රමාණයක්‌ සම්බන්ධයෙන්‌ සෞඛ්‍ය ලේකම්වරයා සමඟ වෛද්‍ය හා සිවිල්‌ අයිතිවාසිකම්‌ පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව අදහස්‌ හුවමාරු කර ගෙන තිබේ.

වෛද්‍යවරුන්ගේ වැටුප්‌ ගැටලුව, ශ්‍රේණි විෂමතා නව වෛද්‍ය සේවා වාවවස්ථාව, පශ්චාත්‌ විශේෂණ වෛද්‍ය පුහුණු
පාඨමාලාව සදහා යුරෝපා රටවල දැනට පවතින අවගිරතා ආදී කරුණු මෙහිදී ප්‍රධාන වශයෙන්‌ සාකච්ඡාවට භාජනය වී
ඇත.

වෛද්‍යවරුන්ගේ වැටුප්‌ විෂමතාවයන්‌ විසඳීම සඳහා විද්‍යාත්මක කමිටුවක්‌ පත්‌ කිරීමට යොජනා වී ඇති අතර එය හමුවේ නව යොජනා ඉදිරිපත්‌ කරන ලෙස සෞඛ්‍ය ලේකම්‌වරයා එහිදී උපදෙස්‌ ලබාදුන් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

වෛද්‍යවරුන්‌ සඳහා දැනට ගෙවන පැය 120 අතිකාල දීමනා ක්‍රමය වෙනුවට වෛද්‍යවරුන්ගේ කාර්යක්ෂමතාව වැඩ
ධාරිතාව දුෂ්කර ප්‍රදේශයන්‌ හි සේවය කරන වෛද්‍යවරුන්ගේ සේවා අවශ්‍යතාව යන කරුණු ද සැලකිල්ලට ගෙන නව
ක්‍රමවේදයකට යටතේ විද්‍යාත්මක පදනම්‌ මත වෛද්‍යවරුන්ගේ අනිකාල හා අමතර වැටුප්‌ ගෙවීම ඉහළ නංවන ලෙස
වෛද්‍ය හා සිවිල්‌ අයිතිවාසිකම්‌ ලද වෘත්තීය සංසදය මගින්‌ ඉදිරිපත්‌ කරන ලද යෝජනාව සෞඛ්‍ය ලේකම්වරයාගේ
පැසසුමට ලක්‌ වී ඇත.

පර්යන්න රෝහල්වල සේවය කරන වෛද්‍යාවරුන්‌ හා විශේෂඥ වෛද්‍යවරු සඳහා නේවාසික පහසුකම්‌ වැඩිදියුණු කිරීමත්‌ ඔවුන්ගේ දරුවන්‌ පාසල්වලට ඇතුළත්‌ කර ගැනීමේ දී දැනට පවතින ක්‍රමය වඩාත්‌ කාර්යක්ෂම වියයුතු බවත්‌ වෛද්‍ය හා සිවිල්‌ අයිතිවාසිකම්‌ පිළිබඳ වෘත්තීය සංසදය මෙගි දී පෙන්වා දී තිබේ.

දැනට වෛද්‍යවරුන්‌ රාජ්‍ය සේවයේ නිරත අනෙකුත්‌ සමාන්තර ශ්‍රේණිවලට සාපේක්ෂව පිගිටුවා ඇති වැටුප්‌ පරිමාණ
ස්ථානය පිළිබඳව සෑගීමට පත්විය නොහැකි බව ප්‍රකාශ කළ වෘත්තීය සමිති සන්ධානය ඒ සඳහා ආචාර්ය උපාධිය හා
විශේෂඥ වෛද්‍ය පුහුණුව ලද වෛද්‍යවරුන්‌ පිහිටුවියයුතු ස්ථාන සම්බන්ධයෙන්‌ ද ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමේදී විද්‍යානුකූල ප්‍රවේශයක්‌ සඳහා යොමුවීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කොට ඇත.

මහා බ්‍රිතාන්‍යයේ පශ්චාත්‌ වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරු සඳහා සීමා පැනවීම සම්බන්ධයෙන්‌ ද මෙහිදී විශේෂ
අවධානයක්‌ යොමුවී ඇති අතර මහා බ්‍රිතානා මහකොමසාරිස්‌ කාර්යාල සමග සාකච්ඡා කොට මෙම ගැටලුව කඩිනම්‌ විසඳීම සඳහා තමන්‌ පියවර ගනිමින්‌ සිටින බව සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී පවසා තිබේ.

Share69Tweet43
Previous Post

දස හැවිරිදි දියණිය අඹුකමට ගත් හම්බන්තොට තිරිසන් පියා අවුරුදු 54ක් මහ උළු ගෙදරට…

Next Post

ඉන්දියාව සිය නවතම මිසයිලය අත්හදා බලයි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.