සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි මිනිස් ගැටුමේ බිහිසුණු පීඩනය පිපිරී ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පොලිස් සැරයන්වරයා…

අවුරුද්දකට ඩෙංගුවලින් මැරෙනවට වඩා වැඩියෙන් මිනිස්සුන්ට අලි ගහලා මැරෙනවා...

by editor
නොවැම්බර් 2, 2022
in පුවත්
Kebithigollewa
Share on FacebookShare on Twitter
  • සති හයට මිනිස්සු පස් දෙනෙක් අලි ගහලා මරලා… වනජීවී දෙපාරත්මේන්තුවට පොලිසියට කිව්වට උත්තර නෑ… මිනිහෙක් මැරුණම මරණය බලන්න එනවා… අපි අහිංසක මිනිස්සු මහත්තයො… කාටවත් ගහන්න කරදර කරන්න අපිට ඕන වෙලා තිබුණෙ නෑ… රඹකැපූ වැව ගමේ ගැමියෙක් කියයි…

කැබිතිගොල්ලෑව රඹකැපූවැව ගම්මානයේ දි වන අලි ප්‍රහාරයකට ලක්ව කාන්තාවක් මිය යෑම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධව එම ගම්මානයේ ජනතාව සිදුකළ විරෝධතාවයක් අතර දී පහර කෑමකට ලක් වී ඝාතනය වුන පොලිස් සැරයන්වරයාගේ මරණයට අදාලව මේ වනවිට තරුණ හිමිනමක් ඇතුළු ගම්වැසියන් 15 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර විරෝධතාවයට සම්බන්ධ වූ කාන්තාවන් දෙදෙනෙක් සිටින බවත් තවත් පුද්ගලයින් පරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරමින් සිටින බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹකැපූවැව බෝධිරුක්ඛාරාමයේ වැඩ වාසය කරන හිමිනමය.

මේ වනවිට ජනතාව ප්‍රකෝප කිරීම සම්බන්ධව උන්වහන්සේට ප්‍රධාන ලෙස චෝදනා එල්ල වී ඇත. උන්වහන්සේ හමුදාවෙන් ඉවත් වී  මහණ වී ඇති 29 හැවිරිදි හිමිනමක් බව පොලිසිය කියයි.

ගම්වැසියන් පවසන්නේ උන්වහන්සේ  අසරණ ගැමියන් වෙනුවෙන් බොහෝ අවස්ථාවල අසාධාරණයන්ට එරෙහිව කතා කරන ගැම්වැසියන්ගේ ප්‍රසාදයට ලක් වූ හිමිනමක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විරෝධතාවය අතර දී ඝාතනය වී ඇත්තේ අංක 43ඒ, ඩයස්වත්ත, මල්වාන, වාරියපොල ලිපිනයේ පදිංචි 54 හැවිරිදි සැරයන්වරයෙකි.

ඔහු ඝාතනය වී ඇත්තේ හිසට වැදුණු පොළු පහරක් හේතුවෙනි.

පොලිසිය පවසන්නේ මෙම නිලධාරියාට පොළු පහර වැදී ලේ ගලමින් සිටිය දී රෝහලට ගෙන යෑමත් විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇති බවය.

එහිදී අහසට වෙඩි තබමින් පිරිස් විසුරුවා හැර පහර කෑ පොලිස් නිලධාරියා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

විරෝධතාවයට හේතුව

රඹකැපූවැව තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචි බී ගුණසිංහ නැමැති  තිදරු පියෙක් පසුගිය 31 දා සවස 7ට පමණ වන අලි ප්‍රහාරයකට ලක්ව මිය යෑම මේ විරෝධතාවයට ප්‍රධාන හේතුව වී තිබිණි.

කැබිතිගොල්ලෑවේ සිට පදවිය බලා ධාවනය වූ බස් රියකින් පැමිණ රඹකැපූවැව හන්දියෙන් බැස වෙල් යායක් මැදින් වැටී ඇති අතුරු පාරක ගමන් කරද්දී ඔහු මෙම වනඅලි ප්‍රහාරයට ලක් වී ඇත

මේ ප්‍රහාරයත් සමග ගම්මු කුපිත වී තිබුණහ.  මේ පිළිබඳව ලංකාසර කළ විමසුමක දී ගම් වැසියන් ප්‍රකාශ කළේ ඔවුන් ජීවත් වූයේ බරපතල පීඩාවක බවය.

මාස හත අටක සිට වන අලි උවදුර මුළු ප්‍රදේශයම වසාගෙන පැතිරී තිබුණු බවත් පසුගිය මාස එක හමාර තුළ  වන අලි ප්‍රහාරවලින් ජීවිත පහක්   අහිමි වූ බවත්ය.

ගොවිතැන් කටයුතු මුලුමනින්ම විනාශ කරමින් ජීවිත විනාශ කරමින් නිරන්තරයෙන් සිදුවෙිමන් ඇති වන අලි උවදුරු සම්බන්ධව කැබිතිගොල්ලෑව  පොලිස් ස්ථානයට සහ වනජීවී  නිලධාරීන් දැනුම්වත් කළත් කිසිම පලක් නොවුණ බවය.

“ අලි හානි කරනකොට පොලිසිය වනජීවි එක දැනුම්වත් කළාම  එන්න විදිහක් නෑ කියනවා. වාහන නෑ කියනවා… කියන්න පුලුවන් හැම තැනමට කියන්න ඕන හැම විදිහටම කිව්වා. අපි ඉන්නේ මරණයත් එක්ක මහත්තයො. වන අලියෙක් ගහලා කවුරුහරි මළොත් කට්ටිය මරණය බලන්න එනවා… මේ තත්ත්වය ගැන මිනිස්සු හිටියෙ මහා තරහකින්. “

“ ගුණසිංහ මළාට පස්සේ මිනිස්සුනට තරහා දරාගන්න බැරි උනා. අපි අහිංසක මිනිස්සු.    කවුරුත් කාටවත් ගහලා මරන්න තුන් හිතකින්වත් හිතලා තිබුණෙ නැ. අපි ජීවත් වෙලා ඉන්න වෙලාවෙදි අපිට උදව් කරන්න එන්න බැරි අය මළාට පස්සෙ එන්නෙ මොකට ද කියලා මිනිස්සු කිව්වෙ.  ඒ හදිසි කෝපය නිසා ඇතිවුන ගැටුමක්“ ඔහු පැහැදිලි කළේය.

පොලිසිය කියන කතාව

පොලිසිය කියන්නේ වන අලි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රෝහලට රැගෙන යෑමට හෝ ගම්වැසියන් ඉඩ නොදී ඔහුගේ සිරුරු තබාගෙන විරෝධතාවයේ යෙදුන බවය.

පුද්ගලයා රෝහලට ගෙනියනවා වෙනුවට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යේදුන බවය.

පොලිසිය කියන්නේ මේ සංවිධානාත්මක ප්‍රකෝප කිරීමක් බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව කීවේ පොලිසියට බැණ වැදී කෑගෝ ගසමින් සිටි පිරිස පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බවත්, එම පහරදීම වැලැක්වීමට ඝාතනය වූ සැරයන්වරයා කටයුතු කරමින් සිටිය දී ඔහුගේ ගිනි අවිය ද පැහැර ගැනීමට කළහකාරීන් උත්සාහ කළ බවත්ය.

අනතුරුව ගිනි අවිය තමන් භාරයට ගෙන අහසට වෙඩි තබා කලහකාරීන් පලවා හැරීමට කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

අනතුරුව පහරකෑමට ලක්වී වැටී සිටි පොලිස් සැරයන්වරයා රෝහල්ගත කර තිබේ. කැබිතිගොල්ලෑව රෝහලින් ඔහු අනුරාධපුර මහ රෝහල  වෙත මාරු කරද්දී ඇති වූ හදිසි තත්ත්වයක් මත ඔහුව මැදවච්චි රෝහලට ඇතුළත් කළ බවත්, එහිදී ඔහු මිය ගිය බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37-20 අතර පිරිසකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ මේ ගම්වැසියන් පොලිසිය සමග ඉතා සහයෝගයෙන් වැඩකරන පිරිසක් බවය. හිමිනම විසින් පොලිසියට එරෙහිව ගම්වැසියන් කුපිත කළ බව පොලිසිය පවසයි. එහෙත් ගම්වැසියන් අපට කීවේ මේ හිමිනම ගමේ දායකයන් වෙනුවෙන් දැඩි කැපවීමක් සහිත කාගේත් ගෞරවයට පාත්‍ර වූ හිමිනමක් බවය.

එම හිමිනම ඇතුළු සිව් දෙනෙක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබාගෙන විමර්ශනය පැවැත්වීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

බලධාරීන්ගේ නොසලකා හැරීම් බරපතල පීඩනයක් වී එම පීඩනය පුපුරා ගොස් ජීවිත විනාශවන කැරැල්ලක් තෙක් ගමන් කර ඇත. දැන් ප්‍රශ්නය වෙනත් දිශානතියකට යොමු වී තිබේ.    ගම්වැසියන් පස්දෙනෙකුගේ මරණ කෙළවර පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයත් විනාශ වී ඇත.

මේ කැබිතිගොල්ලෑව පමණය. රට පුරා වන අලි ප්‍රහාරවලින් සිදුවන මරණවල ප්‍රමාණය ඩොංගුවලින් සිදුවන වාර්ෂික මරණවලට වඩා ඉහළ බව ඔබ දැනගත යුතුය.   වන අලි ප්‍රහාරයට ලක්වී අසරණ මිනිස්සු  108 දෙනෙක් මේ වසරේ ඔක්තොම්බර් 10 වනවිට මිය ගොස් සිටියහ.

කැබිතිගොල්ලෑවේ සිට මේ රටේ පාලකයින්ගෙන් මිනිස්සු ප්‍රශ්න කරමින් සිටිති.

අපේ ජීවිත පරඬැල් ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාවට නව කාරක සභිකයින් 10ක්…

Next Post

කාර්යක්ෂමතාවය 4 ගුණයක්… රටට වටින යකඩ නගුලක් හැදූ දිඹුලානේ තරුණයා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.