කීර්ති ප්‍රනාන්දු –
නිවෙස් තුළට කඩා වදින වන අලින් එළවා දැමීමට නිපදවූ හඳුන්කූර සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
දැනටමත් එම හඳුන්කූර අත්හදා බැලීම් සිදු කර ඇති බව පවසන පරිසර අමාත්‍යාංශය එම හඳුන්කූර දැල්වෙන කාලය පැය එකහමාරක් බැවින් තවත් දැල්වෙන කාලය දීර්ඝ කර ගැනීමට පරීක්ෂණ සිදුකරන බව ද පරිසර අමාත්‍යංශය පවසයි.
වන අලින් පලවා හැරීම සඳහාම නිපදවා ඇති මෙම හදුන්කූර නිවෙස් තුළ දල්වා තිබෙන අවස්ථාවේදී එයින් විහිදෙන සුවඳට වන අලින් නිවෙස් අසලින් ඉවත් ව යන බව පරිසර අමාත්‍යංශය කියයි.
එමගින් වන අලින්ගේ තර්ජන මැද ජීවත්වන මහජනතාවට ආරක්ෂාකාරීව ජීවත්වීමේ හැකියාව ඇති බවද පරිසර අමාත්‍යංශය පවසයි.