අලව්වේත් නායෙ යෑමකට හසුවූ නිවසක තරුණියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙසේ පස් කන්දක් කඩා වැටී ඇත්තේ අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතටය.
මව, දියණිය සහ පුතා අනතුරු සිදුවන අවස්ථාවේ දී එම නිවස තුළ සිට ඇත. පස්කන්දට යට වී තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කර කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණියකි. ඇය පුද්ගලික රෝහලක හෙදියක් ලෙස රැකියාව කර තිබේ. අනතුරින් නිවස තුළ සිටි මව සහ පුතුට අනතුරක් සිදුවී නැත. අලව්ව පොලිසිය පරීක්ෂණ පවත්වයි.







