ඇමරිකා එක්සත් ජනපද විශේෂ බලකා සෙබලුන් විසින් අයිඑස් අයිඑස් ත්‍රස්ත නායකයාව සිරියාවේදී ඝාතනය කර තිබේ.
ඒ අනුව ලොව වඩාත්ම අවශ්‍ය කළ ත්‍රස්තවාදියෙකු ලෙස හැදින්වූ අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව අද පෙරවරුවේ ඝාතනය කළ බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් තහවුරු කර තිබේ.
2019 වර්ෂයෙදී අයි එස් අයි එස් නායක අබු බකාර් අල් බගාඩි ඝාතනයෙන් පසුව ඇමරිකා ආරක්ෂක අංශ සිදු කළ විශාලතම මෙහෙයුම මෙය වන බවටද වාර්තවේ.
දැනට වාර්තාවන තොරතුරු වලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊට ළමුන් හයදෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකුද ඇතුලත් බවත් වාර්තාවේ.
කෙසේ වෙතත් පෙන්ටගනය පවසන පරිදි ඇමරිකා ආරක්ෂක අංශ වලට මෙහිදී කිසිදු හානියක් වාර්තා වී නොමැත.







