සාහසික ලෙස කපා කොටා ඝාතනය කළ එස්.එම්.කේ.පී සපුකුමාරගේ ඝාතන සිද්ධියට එරෙහිව අද ( 7) අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සියලුම ග්‍රාමසේවා වසම්වල නිලධාරීන් එක්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.
සිය විරෝධතාවය ප්‍රකාශ කරන කළු කොඩි සහිතව උද්ඝෝෂකයෝ අඹන්පොල නගරය පුරා ගමන් කළහ.
උද්ඝෝෂණයේ යෙදුණු ග්‍රාම සේවක නිලධාරීන් කියා සිටියේ කේ.පී සපුකුමාර ඝාතනය වූයේ රාජකාරි ගැටලුවක් මුල් කරගෙන බවය.
තමන්ට නිදහසේ රාජකාරි කිරීමට අවශ්‍ය පදනම නිර්මාණය කර දෙන ලෙසත් ග්‍රාමනිලධාරීවරු ඉල්ලා සිටියහ.







