බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමුඩය ගහගෙන පිච් එක මැදට එන්න… ඉන්දියාව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රෙදි ගලවා යට ඇඳුම් ද ඉවත් කර ඇත….

by editor
ඔක්තෝබර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරගයක් ලෙස පැවති ඉන්දියා – පකිස්තාන තරගය ඊයේ (05) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  අවසන් විය. තරගය ගැන කතා කර තේරුමක් නැත. තරගයක් එක් කණ්ඩායමක් ජයගන්නේය. එක් කණ්ඩායමක් පරදින්නේය. බංගලාදේශ කණ්ඩායමෙනුත් බැට කා සිටින පකිස්ථාන කාන්තා කාණ්ඩායමට ඉන්දියාව සමග ආශ්චර්යමත් තරගයක් ලබා දීම සාමාන්‍ය අවබෝධයක් සහිත ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූයේ නැත. ඒ නිසා ලකුණු 247ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන ක්‍රීඩිකාවන් ඕවර 43ක් තුළ දී  ලකුණු 159කට දැවී යාමත් ඉන්දියාව ලකුණු 88ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් අරුමයක් නොවේ.

වේදනාව ක්‍රිකට් ක්‍රීඩාව ගෝත්‍රික යුද්ධයක් කිරීමට ඉන්දියානු පිරිමි අනුව ගිය ගැහැණුන්ද කටයුතු කරමින් ආර්  ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පිච් එක මැද පැහැරීමය.  තරගය ආරම්භයේ කාසියේ වාසිය උරගා බැලීමේ දී ඉන්දියානු  නායිකා හර්මන්ප්‍රීත් කෞර් සහ පකිස්ථාන නායිකා ෆාතිමා සානා අතට අත දුන්නේ නැත. එතැන් සිට කිසිම අවස්ථාවක ක්‍රීඩිකාවන් අතට අත දීම්, සුබ පතා ගැනිම් සිදුකරන්නේ  නැත. අතට අත දීම ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුළත් කළ යුතු නීතියක් නොවේ.  එය සදාචාරය විසින් ක්‍රීඩාව තුළ තහවුරු කරන ලද සම්මුතියකි. මල්ලවයින් ලෙස පොර බදා ගන්නා තරගකරුවන් මෙන්ම එකිනෙකා සමග සටන් කරන සටන් කලාවන්හි සටන්කරුවන් පවා සිය තගය ආරම්භ කරන්නේ ප්‍රතිමල්ලවයින් වැළඳගෙන තමන් කරන්නේ ක්‍රීඩාවක් බව බලාගෙන ඉන්න උන්ට පැහැදිලි කරමිනි.

එහෙත් මේ තරගයේ දී  අප සමීප රූපවල දුටුවේ මේ ගැහැණුන්ගේ ඇස්වල ඇත්තේත්  මිනීමරු අපරාධකරුවන්ගේ ඇති වෛරය මිස ක්‍රීඩාවක තරගකාරීත්වය හරහා උපදින අධ්‍යාත්මික පෞරුෂයෙන් උපන් විශ්වාසනීය ප්‍රභාව නොවන බවය.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් ඉතිහාසය දිගු කලක් තිස්සේ දේශපාලන හා චිත්තවේගීය යටි ප්‍රවාහයන් මගින් හැඩගස්වා තිබිණි. එහෙත් ඒ අතර ඇති වූ ප්‍රහර්ෂය වන්නේ ක්‍රීඩාව වෙනුවෙන් පිටිය මැද ආවේගශීලීවන ක්‍රීඩකයින් ක්‍රීඩාව අවසානයේ දී වැළඳගෙන සුබ පතාගනිමින් සමාජගත කළ ගැඹුරු කතාවය. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ඉන්දීය දේශපාලන නායකත්වයේ පෙළඹවීම මත සූරිය කුමාර් යාදේව් නැමැති ඉන්දීය විස්සයි -20 කණ්ඩායමේ ගෝත්‍රික නායකයා ආසියානු කුසලාන තරගාවලියේ දී  ඒ මහත්මා ක්‍රිකට් ක්‍රීඩාවේ ගමනට තිත තිබ්බේය.  ආසියානු කුසලානය ආසියානු ක්‍රිකට් සභාපතිවරයා අතින්  ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. හේතුව ඔහු පකිස්ථාන දේශපාලකයෙක් මෙන්ම පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියෙක් විමය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඉන්දියාව ආසියානු කුසලාන  තරගාවලියේ කිසිම අවස්ථාවක පකිස්ථාන  ක්‍රීඩකයින්ට අතට අත නුදුන්නේය. කණ්ඩායම් සුබ පතා ගත්තේ නැත. අවසානයේ දී ජයග්‍රහණය පහල්ගම් ප්‍රහාරයේ වින්දියින්ට සහ සිනදූර් මෙහෙයුමේ නිරත වීරෝධාර බව කී ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පුද කළේය.  ICCයට චීත්ත ඇන්දවිය යුතු බව අපි එදා කල්පනා කළෙමු.  ක්‍රිකට් නැමැති  ව්‍යාපාරයේ මාෆියා බලය ඉන්දියාව අත්පත් කරගෙන ඇති අවස්ථාවක ICC ය හසුරුවන්නේ ඉන්දියානු ගෝත්‍රික වැද්දන් විසින් වීම තුළ මෙවැනි අශීලාචාර කුපාඩිකම් ක්‍රීඩාව තුළට වැදීම අපට තේරෙන්නේය. ඒත් මේ ක්‍රිකට් තවදුරටත් ලෝකයට අවශ්‍ය දැයි ප්‍රශ්න කරන මේ ක්‍රීඩාව ප්‍රතික්ෂේප කරන ක්‍රීඩා ලෝලීන් පිරිසක් හෝ බිහිවිය යුතු යැයි අපට හිතෙන්නේ ඊයේ අවසන් වූ කාන්තා ලෝක කුසලානයේ ඉන්දියා – පකිස්ථාන තරගය දකින අතරතුරය.

පිරිමින් ගත් මගම ගත් කාන්තාවන්

පිරිමි ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාවේ අධ්‍යාත්මය දූෂණ කිරීමේ පාදඩකම ගැහැණුන් විසින් නොකරනු ඇතැයි පුංචි සිතිවිල්ලක් තිබිණි. එහෙත් උන් එය පිරිමින්ට වඩා පහළට බැස එය කළේය. තරගය පුරාම දුටුවේ ඒ අප්‍රසන්න අපුල දනවන අශිෂ්ඨ හැසිරීමය. එය පවත්වා ගැනීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ කාන්තාවන්ට බල කළා වන්නට පුලුවන. එහෙත් අඩුම තරමින් තමන් සිය ක්‍රීඩාවේ ආත්මීය ගුණය නොව අවම මනුස්සකම ප්‍රකට කළ යුතු තැන්වල එසේ කිරීමේ වගකීම මුන්ට තිබිණි. එක් අවස්ථාවක් ගැන පමණක් දැක්වීම ප්‍රමාණවත්ය.

පකිස්ථාන ඉනිම ගොඩනැගුනේ සිද්‍රා අමීන් වටාය. අංක තුන පිතිකාරිණිය ඇයය. ඇය ලකුණු 81ක් ලැබුවාය. ඒ වනවිට යවමින් සිටියේ 32 වැනි පන්දු ඕවරයේ 2 වැනි පන්දුවය.  සිද්‍රා කවර්ස් කලාපයට පන්දුව යොමු කර ඉක්මන් ලකුණක් කරා පැති මාරු කරගනිද්දී  එම ස්ථානයේ පන්දු රැකි දීප්ති ෂර්මා පන්දුව රැකගෙන කඩුල්ලට එල්ල කළ  පහර කෙලින්ම වැදුනේ සිද්‍රාගේ කකුලේය. ඇය වේදනාවකින් පෙළෙන ආකාරය පෙනුණි. වෛද්‍ය කණ්ඩායම් ඇයට ප්‍රතිකාර සිදුකරන ආකාරය දක්නට ලැබිණි. එක ඉන්දියානු ක්‍රීඩිකාවක් ඒ අවස්ථාවේ ඇයට කණගාටුව ප්‍රකාශ කරන්නට පැමිණියේ නැත.  පිච් එක මැද එකෙක් මළත් එසේය. මේ කරන්නේ ක්‍රීඩාවක් නොව යුද්ධයක් බව ඉන්දියානු ක්‍රිකට් ගැහැණු  ලෝකයට පෙන්වා දුන්නේය. මේ ඇති වී තිබෙන්නේ ක්‍රීඩාවේ ආත්මයේ හායනය පිළිබඳ විවාදයකි.

විචාරකයින් පෙන්වා දුන්නේ ක්‍රීඩා පිටියේ සිදුවුවත් බාහිර සමාජයේ ඕනෑම තැනක සිදුවුවත් තමන්ගෙන් වූ අත්වැරැද්දකට සමාව ගැනීම ශිෂ්ටාචාරවත් මිනිසුන්ගේ මූලික මානවීය ගුණයක් බවය. ඒ පැවැත්ම කාන්තාවක් විසින් ප්‍රකට නොකිරීම වඩාත් කැපී පෙනෙන ආකාරය විචාරක අවධානයට ලක් වී තිබිණි. ඉන්දියාව මෙන්ම පකිස්ථානය මේ පෙන්වන්නේ ක්‍රීඩාවට වඩා වැඩි සමාජ ව්‍යසනයක් කරා ලෝකයම අදගෙන යන  දේශපාලන ව්‍යාපාරයක සොහොන් ලකුණුය. මේ හැසිරීම දෙරටේ සමාජයට යවන පනිවිඩය මත මරණයේ සෙවනැලි වැටී ඇති අයුරු දකිමු.

ක්‍රීඩාවට ආදරය කරන බොහෝ මිනිසුන්ගේ සමාජ මාධ්‍ය ප්‍රතිචාර අතර පෙනෙන්නේ මේ  ක්‍රීඩාශීලීත්වය නොමැති ව්‍යසනය සම්බන්ධව ප්‍රකාශවන කලකිරීමය.  ක්‍රිකට් ප්‍රාමාණිකයින්    සහ හිටපු ක්‍රීඩිකාවන් දෙරටට අවධාරණය කරමින් ඇත්තේ  මේ වියරු මානසිකත්වයෙන් මිදී යළි ක්‍රීඩාවට ප්‍රවේශ වන ලෙසය.

අප යෝජනා කරන්නේ මේ තුප්පහි ක්‍රිකට් අවබෝධාත්මක ප්‍රේක්ෂකයින් අතින්ම ප්‍රතික්ෂේප විය යුතු බවය. ඉන්දියානු ක්‍රිකට් වෙළඳපල විසින් සිල්ලරට මිල දි ගෙන ඇති ICC පණ්ඩකයින් මේ දුරාචාරය ගැන වචනයක් නොකියන බව පැහැදිලිය. මේ වෙළෙන්දන්ට කිව යුතුව ඇත්තේ ක්‍රිකට් මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් බව තවදුරටත් අපට නොකියන ලෙසය.

ඔවුන්ට යෝජනා කිරීමට ඉතිරිව ඇත්තේ එකම එක දෙයක් පමණි.  මින් පසු අමුඩය ගස්සවා පිච් එක මැදට ක්‍රීඩකයින් යවන්න… මක්නිසාද යත් ඉන්දියාව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රෙදි ගලවා යට ඇඳුම්ද ඉවත් කර ඇති බැවිනි…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි

Next Post

අඟහරුවාදා නැගෙනහිර පළාත තුළම වෛද්‍ය වර්ජනය ව්‍යාප්ත කරනවා… GMOA රජයට දන්වයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.