මනම්පිටිය නිමල් ජයරත්න –
මවගෙන් අතරමං වී ගව රැළක් සමග වැලිකන්ද කාලිංගවිල ගම්මානයට පැමිණි සිඟිති මුව පැටවෙක් ගැමියන් විසින් වනජීවී කාර්යාලය වෙත ගෙනැවිත් භාරදීමේ පුවතක් වැලිකන්ද අඩවි ආරක්ෂක කාර්යාලයෙන් වාර්තා වේ.
අද දහවල් ගැමියන් විසින් භාර දුන් මෙම මුව පැටවාට අවශ්‍ය කිරි හා ආහාර ලබාදීමට කටයුතු කිරීමෙන් පසුව එම පැටවා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය කාර්යාලය භාරදීමට කටයුතු කල බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ. ඩී. ජනක සඳහන් කළේය.
මෙම මුව පැටියා වැලිකන්දේ සිට යතුරු පැදියකින් මනම්පිටිය වනජීවි කාර්යාල දක්වා රැගෙන ගොස් එතැන් සිට වාහනයකින් ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය කාර්යාලයට භාරදීමට කටයුතු කර ඇත.







