අද දහවල් කොළඹ ගාලු මාර්ගයේ අම්බලන්ගොඩ ඌරවත්ත පුදේශයේද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අමුසැමි යුවළකට වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම අඹුසැමි යුවළ අම්බලන්ගොඩ සිට මාදම්පේ උස් මුදලාවේ පිහිටි තම නිවස දක්වා යතුරුපැදියකින් ගමන් ගෙන තිබේ. ඔවුන්ට එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ උස්මුදලාවේ පදිංචි එච්.වයි රන්ජන් නැමැත්තා සහ හා ඔහුගේ බිරිඳ වන නාමල් මල්ලිකා යන අයයි. ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින මෙම යුවළගේ .ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි







