සුසන්ත අමරබන්දු –
අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ වරාලන්ද ප්‍රදේශයේදී 01වනදා අළුයම මවක් සහ දරුවෙක් නිවස තුළ ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය විසි හතරක් යන්නට මත්තෙන් දමන පොලීසියේ නිලධාරීන් විසින්අත්අඩංගුවට ගන්නා ලදී .
අදාල සැකකරු තිස්සමහාරාම කච්චේරිගම පදිංචි කරුවෙකි. එම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටිය දී පොලීසිය මගින් පළමු වැනි දා රාත්‍රියේ දි ඔහු අත්අඩංගුවට ගන්නා ලදී .
සැකකරු මීට මාස 6කට පෙර දී මෙම මිය ගිය කත මුහුණ පොත හරහා හඳුනාගෙන තිබුණි. ඉන්පසු ඇතිවු හිතවත්කම මත ඔහු අම්පාරට පැමිණ මාස 03ක කාලයක සිට එම කතගේ නිවසේ රැඳී සිටිමින් අම්පාර නගරයේ ටයර් අලෙවිසලක සේවක කරමින් කාන්තාවත් සමග එකට ජීවත් වී ඇත.
අදාළ සැකකරු හමුදාවේ සේවය කල අයෙකි. සැකකරු ගෙන් සිදු කරනා ප්‍රශ්න කිරීම් හමුවේ එම ඝාතනය සඳහා යොදාගත් මන්නයද සොයාගෙන තිබේ. අදාල සැකකරු අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න ගේ උපදෙස් මත අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ මඟ පෙන්වීමෙන් අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ අධීක්ෂණයෙන් දමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ ඇතුළු පොලිස් සැරයන්වරුන් වන (36937) උපාලි, (19538) සූමනසේකර , පොලිස් කොස්තාපල්වරුන් වන (84679) පතිරාජ, (83461) බණ්ඩාර, (70438) ලලිත්,පො.කො.රි. (80486) වීරසේකර, පො.කො.ර.(16514) බංඩාර යන නිළධාරිහු තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටිති .







