රුසියාව තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇත. යුක්රේනය මානුෂීය කොරිඩෝවන් හයක් හරහා සිවිල් වැසියන් ඉවත් කරමින් සිටින බව මාරියෝපෝල් සිට යුක්රේන නියෝජ්‍ය අගමැති ඉරීනා වෙරේෂ්චුක් පවසා තිබේ.
මේ වනවිට යුක්රේන ජාතිකයන් ලක්ෂ දොලහකට ආසන්න පිරිසක් ඇඳිවත පිටින් සිය ගම්බිම් හැර දමා සරණාගතයින් සේ පිට නොරටට පලා ගොස් තිබේ.
මේ අතර රුසියාවට එරෙහි බටහිර සම්බාධක දිගටම දැඩිවෙමින් පවතී.
යුරෝපීය සංගමය මේ වසරේ රුසියානු ගෑස් ආනයන තුනෙන් දෙකකින් කපා හැරීමේ සැලැස්මක් නිවේදනය කළේය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු තෙල් සහ ගෑස් ආනයනය තහනම් කළ අතර එක්සත් රාජධානිය පවසන්නේ වසර අවසානය වන විට රුසියානු බලශක්ති නිෂ්පාදන මුළුමනින්ම ඉවත් කරන බවය
සියලු තත්වයන් තුළ රුසියාව අඛණ්ඩ ප්රහාරයක නිරත වෙමිනි. යුක්රේන ජනාධිපති වොලොඩොමිර් සෙලෙන්ස්කි කීවේ රුසියානු ඉදිරි ගමන දිගටම පවතින බැවින් මොස්කව් වලට එරෙහිව තවත් බටහිර ක්‍රියාමාර්ග තවත් දැඩි කරන ලෙසය.
අද උදෑසන රුසියානු විදේශ අමාත්‍යාංශයේ ආර්ථික සහයෝගීතා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දිමිත්‍රි බිරිචෙව්ස්කි කළ ප්‍රකාශයක් RIA ප්රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වනු ලැබුවේය.
රුසියාව බටහිරට කියා තිබුණේ මෙසේය.
“අපගේ සම්බාධක ඔබට රිදවනු ඇත.“ බටහිර පනවා ඇති සම්බාධකවලට එරෙහිව කඩිනම් හා දැනෙන සුළු පුළුල් ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කරන බව බිරිචෙව්ස්කි කියා තිබිණි.
“රුසියාවේ ප්‍රතිචාරය එය ආමන්ත්‍රණය කරන අය සඳහා වේගවත්, කල්පනාකාරී සහ සංවේදී වනු ඇත” ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
( අල් ජසීරා – සී.එන්.එන්)







