කීර්තිි ප්රනාන්දු –
අලි වැට ආරක්ෂා කිරීම ඇතුළු අනෙක් බහුකාර්ය කටයුතු සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට බඳවා ගත් ආදි වාසී තරුණයන් ඇතුළු තරුණයින් හාර දහසකට අධික පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ගැන එම තරුණයෝ හෙළි කරති.
බහුකාර්ය සංවර්ධන බලකාය සඳහා අනෙක් දෙපාර්තමේන්තුවලට බඳවා ගෙන නියමිත පරිවාස කාලය සම්පූර්ණ කළ තරුණ කණ්ඩායම් නිශ්චිත කාලසීමාවක් තුළ ස්ථිර කළ ද වනජීවී දෙපාරත්මේන්තුවට බඳවා ගත් කණඩායම පමණක් වසර හතරක කාලයක් තිස්සේ තාවකාලික පත්වීම් ලෙස රඳවා තබාගෙන ඇතැයි මේ සම්බන්ධව විස්තර කළ ආදිවාසී තරුණයෙක් ලංකාසරට පැවසීය.
ජීවිත අවදානමක් සහිතව කරන මෙම රැකියාවේ දී අනතුරක් සිදුවවහොත් කිසිවෙකුගේ රැකවරණයක් පිළිසරණක් නැති බව පෙන්වා දෙන මෙම තරුණ කණ්ඩායම් තමන් මේ වනවිටත් රැකියාව කරනනේ අලි වෙඩිල්ලක් හෝ රහිතව බව පෙන්වා දෙති.
මේ සම්බන්ධව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.








