බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපායට යන්න කලින් මහින්දානන්දට ආපු වරෙන්තුව…

by editor
මැයි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2021 දී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අද (16)  වරෙන්තුවක් නිකුත්  කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම  ) කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි  විසින් මෙම නියෝගය නිකුත් කෙරුවාය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ , හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාවට එරෙහිව අපේක්ෂිත ඇප ඉල්ලා මහින්දානන්ද බදාදා (14)  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.  මෙම පෙත්සම මහින්දානන්ද විසින් ඉදිරිපත් කරන්නේ පසුගිය රජයේ පාලන කාලය තුළ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ලවන චෝදනා ප්‍රකාරව තමන්ව අත් අඩංගුවට පත් වීම වළක්වා ගැනීම සඳහාය.

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නොතීසියක් නිකුත් කළාය.  ඒ මැයි මස 19 වැනිදා  මහින්දානන්ද ඉදිරිපත් කළ අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන්  අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැන්වීම සඳහාය.   මහින්දානන්ද අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නික්තු කරන්නේ ඒ අතරය.  පොලිසිය කීවේ ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ කොළඹ නිවසට ගිය ද මහින්දානන්ද එම නිවසේ නොසිටි බවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මහින්දානන්දට මෙවැනි වරෙන්තුවක් නිකුත් වන්නේ ඇයි. ඒ සඳහා හේතුවන,  දැනට අපට අමතකවී ගිය අතීත කතාව මෙසේය

ගෝඨාභය රාජපක්ෂ 2021 ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කිසිම විද්‍යාත්මක සහ ප්‍රායෝගික අධ්‍යයනයකින් තොරව  කාබනික වගාව රටේ ප්‍රමුඛ විය යුතු බව කියමින් රසායනික පොහොර ආනයනය නතර කළේය. විකල්පය ලෙස ගෝඨාභය රජය  රසායනික පොහොර වෙනුවට  කාබනික පොහොර ගෙන්වීම ප්‍රකාශයට පත් කළේය.

එවකට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුමත්ගමගේය. ඔහු කාබනික පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් සංදේශයක් ගෙනාවේය. එහෙත් කාබනික පොහොර ගෙන්වීම යනු සංකීර්ණ මෙන්ම වගකීම් සහගත කටයුත්තක් ලෙස පවත්වාගත යුතු සංකීර්ණ ක්‍රියාවක් බව මෙම දේශපාලකයින්ට අදහසක් තිබුණේ නැත. රට තුළට කාබනික පොහොරක් ඇතුළු කරගැනීමට නම් අවම වශයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට ගැලපීම අනිවාර්ය විය. තවද  එම කාබනික පොහොර ජීවානුහරණය කළ පොහොර වීම අනිවාර්ය සාධයක්ව   තිබිණි.

රටක මනුෂ්‍ය සමාජයක පැවැත්ම තහවුරු කරන්නේ මහපොළොවේ සාරයය. විශේෂයෙන්ම සහශ්‍ර ගණනක් තිස්සේ වැඩී ගිය සංස්කෘතික වශයෙන්ම කෘෂිකාර්මික ආරථික පදනමක් මත ශිෂ්ඨාචාරවත් වූ  රටක මහපොළොව යනු මනුෂ්‍ය ජීවිතවල ප්‍රාණය ය.  එක් ආගන්තුක ක්ෂුද්‍ර ජීවී විශේෂයකට මේ පොළොව ව්‍යසනයට  ලක් කර රටේ  ආර්ථික පදනම බිඳ දමා රටම මළ ගෙයක් කළ හැකිය. සෑම රටක්ම සිය රටට ඇතුළුවන කාබනික ද්‍රවය සම්බන්ධව දැඩි නෛතික රාමුවක් නිර්මාණය කරන්නේ  බාහිර ලෝකයෙන් එන බිහිසුනු අනවශ්‍ය ව්‍යසන   වළක්වා ගැනීම සඳහාය.

මහින්දානන්දගේ කාබනික පොහොර ‍‌ටෙන්ඩරය

මහින්දානන් කැබිනට් අනුමැතිය ලබා ගත් පසු  කාබනික පොහොර ආනයනය සඳහා  ටෙන්ඩරය චීන සමාගමකට ලබා දුනි. එම සමාගම වූයේ  Qingedo Seawin Biotech Group Company Ltd ය. ආනයනයට පෙර සමාගමෙන් ගෙන්වූ සාම්පල පරික්ෂා කෙරිනි. ශාක නිරෝධායන සේවයේ පර්යේෂණාගාරයෙන් මෙන්ම වෙනත්    විද්‍යාගාර කිහිපයක  පොහොර සාම්පල පරීක්ෂාවට ලක් කළේය. ඒ සෑම පරීක්ෂණයක්ම තහවුරු කළේ  එම සාම්පල්  අහිතකර ක්ෂුද්‍ර ජීවින්ගෙන් ආසාදිතව ඇති බවය. මේ තත්ත්වය තුළ එම පොහොර තොගය   ආනයනය සඳහා  ආනයන බලපත්‍ර නිකුත් කරන්නට නිලධාරින් කටයුතු කළේ නැත.

එමෙන්ම  Qingedo Seawin Biotech Group Company Ltd සමාගමට ණයවර ලිපි නිකුත් නොකරන ලෙස ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මහජන බැංකුවට දැනුම් දෙනු ලැබුවේය.

දෙවැනි කුපාඩිකම

රට තුළ රජයේ පර්යේෂණාගාරවලින් මෙම පෙහොර සාම්පල ප්‍රතික්ෂේප කරන විට රටේ කෘෂිකර්ම ඇමති ලෙස සිටි මහින්දානන්ද අලුත්ගමගේ  සිදුකළේ ඇමතිවරයෙක් වශයෙන් නොව, පුරවැසියෙක් වශයෙන් කිසිම පුද්ගලයෙක් නොකළ යුතු පාහර වැඩකි.

මහින්දානන්දගේ මැදිහත් වීමෙන්  චීනයේ Schutter Global Insfection Survey Company Ltd නැමැති සමාගමෙන් ප්‍රශ්නගත කාබනික පොහොර පිළිබදව වාර්තාවක් ඔහු ලබා ගත්තේය.  අනතුරුව එම වාර්තාව රටට පෙන්වමින් පොහොරවල ප්‍රශ්නයක් නොමැති බව ඔහු සහතික කරන්නට උත්සාහ කළේය.   තමන්ගේ මාතෘ භූමිය ව්‍යසනයට ලක් කර හෝ ස්වකීය ගර්හිත දේශපාලනය තුළ රැකෙන්නට මහින්දානන්දගේ අශ්ලීල මැදිහත්වීම රටේ සිහි බුද්ධිය සහිත සෑම දෙනාගේම පිළිකුලට ලක් විය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශශීන්ද්‍ර රාජපක්ෂ කාර්ය මණ්ඩල කමිටුවක් පත් කරන්නේ මේ අතරය.  ඒ කමිටුව අමුතු කතාවක් කීවේය එනම් මේ පොහොර සාම්පලවල ශුද්‍ර ජීවින් හිටියත් ඒවා මිනිස් ශරීරයට අහිතකර නොවන බවය. මේ කුපාඩි දේශපාලනය නිසා රට ඒ තත්ත්වයට වැටුනේය.  මේ මොන ආකාරයේ කුණුහරප තීරණයක් දැයි අපි වික්ෂිප්තව බලගෙන සිටියෙමු.  මුන් මිනිස්සුදැයි සිතෙන්නේ චීන සමාගම පොහොර පූර්ණ ජීවානුහරණය කළ යුතු බව කියද්දී ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නල්ලමලේ කමිටුව පූර්ණ ජීවානුහරණයක් අනවශ්‍ය බව ප්‍රකාශ කිරීමය.

අප යළිත් සිහි කරගත යුතු වන්නේ අප අපේ අතීතය ගත කළේ මේ වැනි කුපාඩි පාහරයින් ගේ දේශපාලන මරිකම් අතර බවය.  රට මේ තරමින් හරි ඉතිරි වුනේ රටේ වාසනාවට කොන්ද පණ ඇතිව සිටි  නිලධාරීන් අතලොස්සක් රටේ ඉතිරිව සිටි නිසාය.

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ   මේ කමිටුවේ තීරණය බරපතල තත්ත්වයක් යළිත් ඇති කළේය. ආනයනික බලපත්‍රයක් නැතුව මේ ව්‍යසනකාරී කුණු පොහොර   රටට ආනයනය කිරීම සඳහා නැව්ගත කිරීමක් සිදුවිය. මහජන බැංකුවේ ණයවර ලිපි නැවත විවෘත විය.

එහෙත් මතුවන දැඩි විරෝධය හමුවේ රටට මේ කුණු පොහොර ගොඩබන්නට ඉඩ ලැබෙන්නේ නැත.  අවසානයේ දී  ආනයනික බලපත්‍ර නොමැති පොහොර තොගය යළි හරවා යවන්නට ආන්ඩුවට සිදුවිය.

සිද්ධිය සම්බන්ධව චීන සමාගම නඩු කීපයක් පැවරුවේය. එම නඩුවට අනුව එක් ප්‍රමිතිගත  පොහොර අවුන්සයක් රටට නොලැබ ඇමරිකන් ඩොලර් 6.7 ක් හෙවත් රුපියල් මිලියන 1382 ක් මේ චින සමාගමට වන්දි ගෙවන්නට අපට සිදුවිය.

රජයට සෘජුව වුන පාඩුව රුපියල් මිලියන 1382 කි. සමස්ථයක් ලෙස රටේ ආර්ථිකයට, ජාතික ආහාර සංචිතයට සිදුවූ ව්‍යසනය ගණනය කර නැත.   කිසිම නෛති පදනමක් නැතිව, නෛතික අනුමැතියක් රහිතව ව්‍යසනකාරී කුනු පොහොර නැව   ලංකාවට එන්නෙ කෘෂිකර්ම ඇමති සහ රාජ්‍ය ඇමතිගෙ සෘජු මැදිහත්වීමෙනි.

මේ දේශපාලන ජඩයන්ට ජනතාව පාඩමක් ඉගැන්වූයේය. නැවත මුන්ට දේශපාලනය වචනයේ අකුරු හයේ මුලින්ම එන “දේ” යන්නේ කොම්බුවටවත් ලංවන්නට මේ රටේ මිනිස්සු යළිත් ඉඩ තියන්නේ නැති බව විශ්වාසය. එහෙත් මුන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නීතියක් රට තුළ තිබේ.

මහින්දාන්නද අලුත්ගමගේට අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන්නේ මේ වන්දි ගෙවිය නොහැකි අපරාධයටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චාමරගේ වංචාව ගොඩදාන්න රනිල් රටට බොරු කී හැටි අල්ලස් කොමිසම උසාවියට කියයි!

Next Post

නුවරඑළියේ සභාවල බලය පිහිටුවන්න කම්කරු කොංග්‍රසය සහ සජබ අතර සාකච්ඡා විසඳුමකින් තොරව කෙළවර වෙයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.