අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප ආණ්ඩු පත් කරන්නේ  මිනීමරු දුම්කොළ සමාගම්වලට රට ආණ්ඩු කිරීමට ඉඩ දෙන්න නොවේ!

by editor
මාර්තු 14, 2024
in පුවත්
Cancer-Risks-for-Cigarette-Smokers
Share on FacebookShare on Twitter

සම්පත් ද සේරම්,
විධායක අධ්‍යක්ෂ, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය.

ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ. ශ්‍රී ලංකාවේ මරණ අතුරින් 83%ක් බෝ නොවන රෝග නිසා ඇතිවන මරණ වේ.‍ බෝ නොවන රෝග ඇති කරන ප්‍රධානතම සාධක 4න් දුම්වැටි භාවිතය පුමුඛ සාධකයක් වේ. (WHO – NCD Country Profile)

දුම්වැටි සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය පුද්ගලයන්ගේ සතුට, නිදහස අඩාල කරමින් රස වින්දනය සීමා කරන මත්ද්‍රව්‍යයක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දුම්කොළ භාවිතය නිසා ලොව පුරා සෑම වසරකම පුද්ගලයන් මිලියන 8ක් පමන මරණයට පත් කරන අතර  ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත් කරයි. තවද ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතය සඳහා රුපියල් මිලියන 520ක් (කෝටි 52ක්) වියදම් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සිගරට් භාවිතය සැලකිය යුතු මට්මකින් අඩුවෙමින් පවතී. GATS සමික්ෂණයට (Global Adult Tobacco Survey 2020) අනුව ශ්‍රී ලංකාවේ සිගරට් භාවිතය 9.1%ක් දක්වා අඩු වී ඇත. සිගරට් භාවිතය ශ්‍රී ලංකාව තුළ අවම වෙමින් පවතින ප්‍රවණතාවයක් ඇතත්, තවමත් අපේ රටේ මිලියන 1.5ක් පමණ සිගරට් භාවිතා කරයි. සිගරට් භාවිතය රටක් තුළ සෞඛ්‍ය ගැටලු සඳහා විශාල බලපෑමක් ඇති කරයි. එමෙන්ම සිගරට් භාවිතය වාතය, ජලය සහ භූමිය දූෂණයට ලක් කරමින් පරිසරයට ද විශාල හානියක් සිදු කරයි.

අපේ රටේ අඩුවෙමින් පවතින සිගරට් භාවිතය තව දුරටත් අඩු කිරීම සඳහා දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් පිළිබඳව වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කරමින් ඇත. කණගාටුදායක තත්වය නම් තවමත් එම යෝජනා ක්‍රියාත්මක නොකිරීමයි.

  1. ඒකල වශයෙන් (එක දෙක ලෙසින්) සිගරට් අලෙවිය තහනම් කිරීම.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සිගරට්වලින් 93.6%ක්ම මිලදී ගන්නේ සිගරට් එක දෙක වශයෙනි. (Single Cigarette Sales – Bait for the Vulnerable Groups, ADIC and a Global Tobacco Industry Watchdog 2022) මෙම තත්වය සිගරට් භාවිතය අවම කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන අතර ලෝකයේ රටවල් 107ක් ඒකල වශයෙන් (එක දෙක ලෙසින්) සිදුකරන සිගරට් අලෙවිය තහනම් කර ඇත. නමුත් ශ්‍රී ලංකාව තුළ තවමත් සිගරට් ඒකල වශයෙන් අලෙවි කරමින් පැවතීම කණගාටුවට කරුණකි. ඒකල වශයෙන් සිගරට් අලෙවිය තහනම් කිරීම හරහා මිලදී ගැනීමේ හැකියාව අඩු වන නිසා  ළමුන් සහ තරුණ ප්‍රජාවට සිගරට් භාවිතයට යොමු වීමට ඇති අවස්ථාවන් අඩු වේ. එමෙන්ම ඒකල වශයෙන් අලෙවිය තහනම් කිරීම හරහා සිගරට් ඇසුරුම්වල ඇති සෞඛ්‍ය අනතුරු දැකීමට ඇති අවස්ථාව වැඩිවන නිසා භාවිතයේ ඇති හානිය නැවත නැවත මතක් කර දෙමින් සිගරට් සඳහා ඇති ආකර්ෂණය  අඩු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සිගරට් භාවිතය අධෛර්‍යමත් කිරීම සඳහා කල හැකි ඵලදායීම යෝජනාවක් ලෙස ඒකල වශයෙන් සිදුකරන සිගරට් අලෙවිය තහනම් කිරීමට නිර්දේශ කරයි. නමුත් දුම්කොළ සමාගම්වල බලපෑම් වලට අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් යටවීම මත ලෝකයේ දියුණු රටවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රතිඵලදායක ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ අපේ රටේ ක්‍රියාත්මක නොවීම ඉතාම කණගාටුදායක තත්වයකි.‍ෙ 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  1. සිගරට්වල ඇති ෆිල්ටර තහනම් කිරීම.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය සඳහා වූ ප්‍රඥ්ඥප්තියට (Framework Convention on Tobacco Control – WHO FCTC) රටවල් 183 ක් අත්සන් කර ඇති අතර ශ්‍රී ලංකාවද  එහි පාර්ශවකරුවෙකි. 2024 පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද දුම්කොළ පාලනය පිළිබඳ (WHO FCTC), පාර්ශවකරුවන්ගේ (COP) 10 වැනි සමුළුව පැනමා රාජ්‍යයේදී පැවැත් විය. එම සුමුළුවේ දී විශේෂයෙන් දුම්කොළ පාලනය සඳහා වූ ප්‍රඥ්ඥප්තියේ 18 වන වගන්තිය (පරිසරය ආරක්ෂා කිරීම) ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැදගත් තීරණයකට එළඹි අතර එමගින් සිගරට්වල ඇති ෆිල්ටර සහ වාෂ්පකාරක (vaporizers) තහනම් කිරීමට යොජනා විය.

සිගරට් ෆිල්ටර පරිසරයට රසායනික ද්‍රව්‍ය 7,000කට වැඩි ප්‍රමාණයක් මුදාහරින අතර ගොඩබිම සහ සාගර ඇතුළු සියලු පරිසර පද්ධතිවලට ඉතා දැඩි පාරිසරික බලපෑමක් එමගින් ඇති කරයි. ශ්‍රී ලංකාවේ දිනකට සිගරට් ෆිල්ටර මිලියන 6.3ක්, වසරකට සිගරට් ෆිල්ටර මිලියන 2300ක් පරිසරයට මුදාහරියි.

මෙම සිගරට් ෆිල්ටර මගින් දුම්පානයෙන් සිදුවන හානිය අවම කරගත හැකි බව දුම්කොළ කර්මාන්තය විසින් මතයක් නිර්මාණය කර ඇති නමුත් විද්‍යාත්මකව සනාථ කර ඇත්තේ එහි සත්‍යතාවයක් නොමැති බවයි. සිගරට් ෆිල්ටර විෂ සහිත වන අතර පිළිකා කාරක සහ බැර ලෝහ වලින් පිරී ඇති බව විද්‍යාත්මකව සනාථ කර ඇත.

මෙම සියලු කරණා සැලකිල්ලට ගනිමින් යුරෝපා සංගමය සිගරට් ෆිල්ටර තහනමට එකඟ වී ඇති අතර බෙලිජියම සහ නෙදර්ලන්තය ‍යන රටවල් දැනටමත් සිගරට් ෆිල්ටර තහනම් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි ඵලදායී යෝජනා ක්‍රියාත්මක කිරීම වහාම සිදු කළ යුතුව ඇත. බහුජාතික දුම්වැටි සමාගම්වල උවමනාවන් ඉටු නොකර, සිගරට් භාවිතය අධෛර්‍යමත් කරමින් භාවිතයට යොමු වීමට සිටින ළමුන් සහ තවමත් සිගරට් භාවිතා කරන පිරිස් ඉන් නිදහස් කර ගැනීමටත්, සිගරට් භාවිතය මගින් සිදුවන ආර්ථික, සෞඛ්‍ය සහ සමාජීය හානිය අවම කිරීමටත් රජය වහාම මැදිහත් විය යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ලෙස අප තරයේ අවධාරණය කර සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනම්පිටියේ වැලි නවතී…  මංකඩල ලභීන් කම්කරුවන් ටිපර් රථ රියදුරන් මනම්පිටිය වැලි සමාගමේ නිලධාරීන් කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවයක!

Next Post

දොම්පේ සියනෑ ජාතික පාසලේ මැරතන් තරගය හෙට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.