දොම්පේ සියනෑ ජාතික පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පාසල් මැරතන් ධාවන තරගය හෙට පෙරවරු 7 ට සියනෑ ජාතික පාසල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ වන බව විදුහල්පති යූ,වී. ගුණරත්න පවසයි.
පෘථිවි, චන්ද්‍ර, සූර්ය, ගගණ යන නිවාස හතර නියෝජනය කරන ක්‍රීඩකයින් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් තරගය පැවැත්වීමට නියමිතය.
මැරතන් ධාවන තරගයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා දෙමාපිය, ආදි ශිෂ්‍ය ඇතුළු ප්‍රදේශවාසීන්ට එක්වන්නැයි විදුහල්පතිවරයා ආරාධනා කරයි.