බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනෝරා වැසි මැද අදත් 88000ක් රැය පහන් කරන්නේ පෝලිම්වල… දින 04ක් මහ මග පහන් කළ බැතිමතුන් 30000කට දළදා වන්දනාව අහිමිවීමට නියමිතයි!

අදත් 7000ක් VIP සහ ආබාධිත පෝලිමෙන් දළදා වැඳලා... හෙටවත් මේ VIP කුපාඩිකම නවත්වන්න...

by editor
අප්‍රේල් 26, 2025
in පුවත්
හිසට වහලක් නැති දිගු පෝලිම්වල අනෝරා වැසි මැද ....

හිසට වහලක් නැති දිගු පෝලිම්වල අනෝරා වැසි මැද ....

Share on FacebookShare on Twitter

අද දවස අවසන් වනවිට දළදා වන්දනා කර ඇත්තේ 65000ක් පමණක් බව සිරි දළදා වන්දනාව සම්බන්ධව විද්‍යාත්මක දත්ත සපයන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය විසින් නිකුත් කර ඇති විද්‍යාත්මක දත්ත අනුව තහවුරු කර තිබේ.

ඒ අනුව මේ වනවිට දළදා වන්දනා කර ඇති මුළු පිරිස 4,86,000කි. ප්‍රධාන පෝලිමෙන්  පිට මේ දින 09 තුළ දළ වශයෙන් 60, 000ක් දළදා වන්දනා කරවා තිබේ.  ඒ අනුව පෝලිම්වල සිටි ජනතාව අතරින් ගෙවුනු දින 09 තුළ දළදා වඳ ඇත්තේ දල වශයෙන් 4, 26,000කි.

එම දත්ත අනුව අද (26) දිනයේ ආබාධිත සහ විශේෂ අමුත්තන් ලෙස  විශේෂිත පෝළිමෙන් දළදා වැඳ පිටවූ  පිරිස 7000ක් බව ද හෙළිදරවු වී ඇත. ඒ අනුව අද දිනයේදීත් ආබාධිත වූවන් සඳහා වෙන් කළ පෝලිමේ පැමිණි වරප්‍රසාද ලාභින් අති විශාල පිරිසක් දළදා වැඳ ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව දින ගණනක් පෝලිම්වල රැඳී සිටි පිරිස අතරින් අද දළදා වැද ඇත්තේ දළ වශයෙන් 58000ක් පමණි.

මේ මිනිස්සුන්ගේ දුක දැකගෙන පෝළිම් පැන දළදා වැන්දවිය හැකි ද?…

88000කට ආසන්න පිරිසක් අදත් රැය පහන් කරන්නේ  පෝලිම්වල

සංගණනයේ දත්ත ප්‍රකාරව මේ වනවිට තවත් 88000කට ආසන්න පිරිසක් පෝලිම්වල රැඳී සිටිති. ගැටලුව ඇති වන්නේ මේ වනතාක් දිනකට උපරිම වශයෙන් දළදා වන්දවන්නට හැකි වී තිබෙන්නේ 68000කට ආසන්න පිරිසක් පමණක් වීමය. ඒ අනුව පෝලිම්වල සිටින 88000කට දළදා වැන්දවීම බරපතල ගැටලුවක් වී ඇත. මේ පරිස් අඩුම තරමින් දින 03ක් මහ මග රැය පහන් කළ මිනිස්සුය. අනෝරා වැස්සේ තෙමි තෙමී නිදි නොලැබ කෑමක් නොලැබ වැසිකිලියකට යෑමට නොහැකිව අන්ත පීඩාවට පත් වී හොඳටම හෙම්බත් වූ මිනිස්සුය.

හෙට දිනයේත් පෝලිමෙන් පිට හත් දහසකට ආසන්න පිරිසක් දළදා වන්දවනු ලැබුවහොත් ලක්ෂයකට ආසන්න පිරිසක් දළදා වන්දනාවට සැරසී සිටින අතර පෝලිමේ සිටින පිරිස්වලින් අඩුම තරමින් තිස් දහසකට දළදා වන්දනාව අහිමි වීමට නියමිතය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අද උදෑසනම මේ වීඅයිපී කුපාඩිකම නවත්වන ලෙස අප වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියේ මේ තත්ත්වය නිසාය.  එහෙත් පෝලිමෙන් පිට හොරෙන් වැන්දවූවා පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් ධාරීහු එළිපිට මිනිස්සු පෝලිම්වලට රිංගවීමත් අඩු නැතිවම කළහ.

අඩුම තරමින් ජනාධිපතිවරයා මැදිහත්ව මේ පෝලිම්වල දුක් විඳි මනුෂ්‍යයන් වෙනුවෙන් තව එක් දිනයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට මැදිහත්වීම හෝ වෙන ගත යුතු සුදුසු පියවරක් පිලිබඳ කල්පනා කළ යුත්තේ මේ මනුෂ්‍යයන් සම්බන්ධව තබා සියම් නිකායෙන් පිට සංඝයා වහන්සේ සම්බන්ධව හෝ මේ දළදා භාරකාර හිමිවරුන්ට වගක් නැති බැවිනි.

දියවඩන නිලමේගේ කෙරුවාව මේ වනවිට මුලු රටටම හෙළිදරවු වී තිබේ. මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමේ බලයක් නැතිනම් මේ සිරිදළදා වන්දනාව අවසානයේ ෆේල් වී කුජීත වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව මේ වනවිට පෙනී ගොස් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී දේහය රෝමයේ ඩි සැන්ටා මාරියා මැගියෝර් බැසිලිකාවෙහි තැන්පත් කෙරේ…

Next Post

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.