අනුරාධපුර – පර්සි කුරුනේරු –
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා දින නියමයක් නැතුව වසා දැමීමට අද (10) පස්වරුවේ රැස්වූ එම විශ්ව විද්‍යාලයීය පාලක සභාව තීරණය කොට ඇත.
මේ මේ අනුව හෙට(11) දවල් 12.00 ට පෙර සියලුම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවට ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය(උපකුලපති) සම්මානිත මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ පැවසූහ.
නවක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාවෙත අමානුෂික ලෙස නවක වධය ලබාදීමේ චෝදනාව මත එම විශ්ව විද්‍යාලිය විනය කමිටුව මගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දස නමකට වසර එක හමාරේ සිට වසර දෙකක කාලයක් දක්වා පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරකර ගනිමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අනුරාධපුර පුත්තලම් පාරේ පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ නව පරිශ්‍ර භූමිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වීම ඊට හේතු වී තිබේ.







