පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව එම පක්ෂය අද නිවේදනය කළේය.
ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව අද (16) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා නිවේදනය කළේය.
මෙවැනි අවස්ථාවකට නොගොස් ව්‍යවස්ථාමය රාමුව තුළ හිඳිමින් ජනතාව ඉල්ලූ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුව හැදීම සඳහා කථානායකවරයා ඒක මතික සම්මුතියෙන් අන්තර්කාලීන රජයේ ජනාධිපති කර සම්මුතිකයින් අගමැතිවරයෙක් පත් කරගෙන ඉදිරියට යෑම සඳහා කළ සෑම උත්සාහයක්ම අසාර්ථක වන නිසා මේ පියවර ගත් බව ප්‍රචාරක ලේකම්වරයා කීවේය.
රටේ සහ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමේ අභිලාෂයෙන් තම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය බලාපොරොත්තු වන බවත් පක්ෂය දන්වා සිටියේය.









