විජේරාම අයි.ඕ.සී පිරවුම්හල අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
ඉන්ධන අපේක්ෂාවෙන් දින පහකට අධික කාලයක් පෝලිම්වල ගත කළ පිරිස් සිටිද්දී ඉන්ධන පැමිණි වහාම විශාල ත්‍රීවිල් ප්‍රමාණයක් සහ යතුරුපැදි ප්‍රමාණයක් ඉන්ධන පෝලිම එක්වරම ආක්‍රමණය කිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ.
ආක්‍රමණය කළ පිරිස් පවසා ඇත්තේ තමන් ගමේ පුද්ගලයින් බවත් තමන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතු බවත්ය.
මේ තත්ත්වය ඉදිරියේ පොලිසිය ද දුර්මුඛ වී ඇත. පෝලිමේ සිටි පිරිස් අවේගයෙන් කටයුතු කරන අතර තත්ත්වය පාලනය කිරීමටත් කණ්ඩායම් ඉදිරිපත් වී විසඳුමක් අපේක්ෂාවෙන් පොලිස් හදිසි ඇමතුම් සේවය අමතා ඇත.








