සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර සහෝදරයා දිනන බව තහවුරුයි… ප්‍රතිඵල ප්‍රමාද වන්නේ මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට සිදුවන නිසා… විජිත පැහැදිලි කරයි!

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මනාප ගණින හැටි මැතිවරණ නිරීක්ෂණ ආයතනයක්වන IRES සංවිධානයේ විධායක සභික මංජුල ගජනායක පැහැදිිලි කරයි…

  • දැනට අනුර සජිත්ට වඩා ඡන්ද 12,75,880 (දොලොස් ලක්ෂ හැත්තෑ පන් දහස් අටසිය අසූවක් ) ඉදිරියෙන්.

ඡන්ද ප්‍රතිපල අනුව අනුර දිසානායක වැඩි ඡන්ද ලක්ෂ 13කින් ජයග්‍රහණය කර ඇති නමුත් මැතිවරණ නීතිය අනුව එම ඡන්ද ප්‍රමාණය සියයට 50ට අඩු නිසා දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කළ යුතුව ඇති බවත් ප්‍රතිඵල ප්‍රමාද වන්නේ කිසිදු ආකාරයක අක්‍රමිකතාවයක් නිසා නොව මැතිවරණ කොමිසමට නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතු නිසා බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් බීබීසී සේවය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කිරීම අවසන්වන තෙක් ප්‍රතිඵලය නිකුත් නොකර ඉන්නට මැතිවරණ කොමිසම බැඳී ඉන්නා බව ද එබැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට අනුර කුමාර දිසානායක විසින් සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 56,38,915 ( පනස් හය ලක්ෂ තිස් අට දහස් නවසිය පහළොවක් ) ලබාගෙන ඇත. එය සමස්ථ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 42.32%ක ප්‍රතිශතයකි.

සජිත් ප්‍රේමදාස ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 43,63,035කි. ප්‍රතිශතයක් ලෙස 32.76%කි.
අනුර කුමාර දිසානායක ඉන්නේ සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද 12,75,880 (දොලොස් ලක්ෂ හැත්තෑ පන් දහස් අටසිය අසූවක් ) ඉදිරියෙනි.

මනාප ගණනය කිරීමේ දි සිදුවන්නේ ඉදිරියෙන්ම ඉන්නා අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් මනාප ඡන්ද ගැනීමය. ඡන්ද ලක්ෂ තිහක මනාප ගැනීමට නියමිතව ඇත. ඒ එක් එක් අපේක්ෂකයාගේ මනාප ඡන්ද ප්‍රමාණය මුල් ඡන්ද ප්‍රමාණයට එක් කළ විට වැඩිම ඡන්ද සහිත පුද්ගලයා විධායක ජනාධිපතිවරයා ලෙස තේරීම මෙහිදී අපේක්ෂිතය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

බීබීසී වෙත අදහස් දක්වමින් විජිත හේරත් පවසන්නේ මෙවැන්නකි.

“දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කළත් අනුර සහෝදරයා පරද්දන්න කාටවත් බෑ, මොකද ඉතා විශාල ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ.

කිසිදු ආකාරයකින් එය වෙනස් වෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය තව පැය කීපයකින් ලබා ගන්න පුලුවන්. කිසිම ආකාරයක අක්‍රමිකතාවයක් නෙමෙයි මේ වෙන්නේ. නිවැරදි ක්‍රියාවලියෙ යෑමක් මේ වෙන්නේ.

ඉතා ඕනෑකමින් ඉල්ලනවා . කලබල වෙන්න එපා. දෙවැනි තුන්වැනි මනාප ආවා කියලා ලක්ෂ 13ක ගැප් එක ආවරණය කරන්න බෑ.

දෙවැනි තුන්වැනි මනාප ගණනය කරන ආකාරය කුමක් ද?.

මැතිවරණ නිරීක්ෂණ ආයතනයක්වන IRES සංවිධානයේ විධායක සභික මංජුල ගජනායක මෙම මනාප ගණනය කරන ආකාරය ගැන ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් බීබීසියට ඉදිරිපත් කරන්නේය.

ඔහු පැහැදිලි කරන්නේ මෙසේය.

මෙහිදී වැඩිම ඡන්ද ලබා ගත්තු පළමු සහ දෙවැනි අපේක්ෂකයින්ගේ ඡන්ද මොහොතකට පසෙකින් තබනවා.

අනතුරුව සෙසු අපේක්ෂකයින්ගේ ඡන්ද පත්‍රිකා අතට අරන් ඒ වායේ මනාප ඡන්ද ගණන් කිරීම අරඹනු ලබනවා. එහිදී දෙවැනි සහ තුන්වැනි මනාප එකම අදියරක දී තමයි ගණනය කරන්නේ.

සියයට පනහක් හෝ ඊට වැඩිය ලබා ගත යුත්තේ පළමු අදියරේ දී පමණයි. දෙවැනි අදියරට පැමිණි පසු එක ඡන්දයක් වැඩි වුනත් ඇති ජනාධිපතිවරයා තෝරා ගන්නට.

දැන් ගණනය කරන්නේ ඔවුන්ට ලැබුණ 2 වශයෙන් හෝ 3 වශයෙන් තිබුණු මනාප. එම මනාප ගැනලා ගොඩවල් දෙකකට වෙන් කරනවා. එහෙම ගැනලා අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණයට එක් කළ විට විගස මනාපය ඡන්දයක් බවට පරිවර්තනය වෙනවා.

යම් අවස්ථාව 2 හා 3 මනාප ඉවත් කළ අපේක්ෂකයින් දෙදෙනාට ලකුණු කර ඇතිනම් එහිදී ගණනය කරන්නේ 2 ලකුණු දැමූ මනාපය පමණයි. තුන් වැනි මනාපය එවැනි අවස්ථාවක දී ගණන් ගන්නේ නෑ.

මේ ආකාරයට ගණන් කරගෙන ගොස් අවසානයේ දි වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස තීරණය කරනු ලබනවා.

දැන් පවතින තත්ත්වය අනුව සමස්ථ ගණනය තුළ ලක්ෂ 12කට වැඩි මනාප ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාසට නොලැබුනහොත් වැඩි ඡන්ද ප්‍රමාණයක ලබා ගත් අනුර කුමාර දිසානායකට ජයග්‍රහණය කළ හැකියි. නමුත් එය මුලුමනින්ම පවතින්නේ මනාප ඡන්ද මත.

මේ මනාප ගැනීමෙන් අනතුරුව දෙවැනියා පළමු වැන්නා වුවත් එය පිළිගත යුතුයි. එය ව්‍යවස්ථාවේ ඇති ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට තමයි අපි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී තෝරා ගන්නේ.

අප ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. මෙවැනි අවස්ථාවක දී පක්ෂ නායකයින් වගබලා ගත යුතුයි සිය ආධාරකරුවන්ට කියා දෙන්න ඕන මේ සියල්ල තියෙන්නෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්නේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සියයට සීයක් නතු වී මිස ඔවුන්ගේ තනි අභිමතයට යටත්ව නොවන බව.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැස්බෑවෙන් අනුරට විශිෂ්ට ජයක්…

Next Post

ජයග්‍රහණය කළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිළිගන්නවා… සජබ කියයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.