-
දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 84 ක් පමණ වෙනවා. අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 101 යි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 120 % ක ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා…
-
රුපියල් බිලියන 5100 කින් පමණ දේශීය ණය මාස 26 ක දී වර්ධනය වෙලා…. සෑම දිනකම රුපියල් බිලියන 6.5 කින් අපි ණය කරුවන් වෙනවා…. රටේ ආදායම් තත්ත්වය විදේශ වෙළෙඳාම තේරුම් ගෙන ප්‍රතිසංස්කරණ මාලාවක් නොකළොත් රට දැවැන්ත අර්බුදයකට යාවි…
වර්ෂ 2022 අප්‍රේල් වනවිට රුපියල් බිලියන 12400 ක් වූ දේශීය ණය ප්‍රමාණය මාස 26ක රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලය තුළ දී රුපියල් බිලියන 17500 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි.
මහනුවර දී ඊයේ (23) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුව දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය අනුව මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5 ක පමණ මුදලකින් ණය කරුවන් වී ඇති බවය.
ඔහු මෙම තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.
මෙරට ආර්ථිකය සැලකීමේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 84 ක් පමණ වෙනවා. අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 101 යි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 120 % ක ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා.
දේශීයව ගත් ණය සලකා බලනවිට පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ණයෙහි විශාල ලෙස වර්ධනයක් දැකිය හැකියි. 2022 අප්‍රේල් පමණ වනවිට අපේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12400 ක් පමණ වුණා. මේක මාස 26 ක දී බිලියන 17500 පමණ දක්වා වැඩි වුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 5100 කින් පමණ දේශීය ණය මාස 26 ක දී වර්ධනය වී තිබෙන බවයි.
මෙහි සරල අදහස තමයි මේ රටේ ජනතාව සෑම මාසයකම රුපියල් බිලියන 196 ක වගේ ප්‍රමාණයකින් පාලකයින් ණය කරනවා කියන එක. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් තමයි සෑම දිනකම රුපියල් බිලියන 6.5 කින් අපි ණය කරුවන් වෙනවා කියන එක. ණය සම්බන්ධයෙන් රට තිබෙන්නේ දැඩි අර්බුදයක.
2021 ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා වල මිල ගණන් 106 % කින් වැඩි වෙලා. ආහාර කාණ්ඩයේ භාණ්ඩ මිල 138 % කින් පමණ වැඩි වෙලා. මේ පසුබිම තුළ ඇත්තටම පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධව අපට කිසිසේත්ම සෑහිමකට පත්වීමට පුළුවන්කමක් නැහැ. බලයට පත්වන ජනපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වය තේරුම් ගන්න.
රටේ ආදායම් තත්ත්වය විදේශ වෙළෙඳාම තේරුම් ගෙන ප්‍රතිසංස්කරණ මාලාවක් කළ යුතුයි. ජනතාවට ආර්ථික අතින් නැගී සිටින්න අවශ්‍යය පසුතලයක් නිර්මාණය කළ යුතුයි. මධ්‍යම පාන්තික ජනතාව දැඩි අර්බුදයක ඉන්නේ. ඒ අය වෙනුවෙන් යම් ආකාරයක ක්ෂණික වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.







