බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර දිනපු රට… පසුගිය මාස 26 තුළ අලුතින් ගත්තු දේශීය ණය හේතුවෙන් රට සෑම දිනකම බිලියන 6.5 බැගින් ණය කරලා…

by editor
සැප්තැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 84 ක් පමණ වෙනවා. අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 101 යි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 120 % ක ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා…

  • රුපියල් බිලියන 5100 කින් පමණ දේශීය ණය මාස 26 ක දී වර්ධනය වෙලා…. සෑම දිනකම රුපියල් බිලියන 6.5 කින් අපි ණය කරුවන් වෙනවා…. රටේ ආදායම් තත්ත්වය විදේශ වෙළෙඳාම තේරුම් ගෙන ප්‍රතිසංස්කරණ මාලාවක් නොකළොත් රට දැවැන්ත අර්බුදයකට යාවි…

වර්ෂ 2022 අප්‍රේල් වනවිට රුපියල් බිලියන 12400 ක් වූ දේශීය ණය ප්‍රමාණය මාස 26ක රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලය තුළ දී රුපියල් බිලියන 17500 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි.

මහනුවර දී ඊයේ (23) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුව දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය අනුව මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5 ක පමණ මුදලකින් ණය කරුවන් වී ඇති බවය.

ඔහු මෙම තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.

මෙරට ආර්ථිකය සැලකීමේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 84 ක් පමණ වෙනවා. අපේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 101 යි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 120 % ක ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා.

දේශීයව ගත් ණය සලකා බලනවිට පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ණයෙහි විශාල ලෙස වර්ධනයක් දැකිය හැකියි. 2022 අප්‍රේල් පමණ වනවිට අපේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 12400 ක් පමණ වුණා. මේක මාස 26 ක දී බිලියන 17500 පමණ දක්වා වැඩි වුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 5100 කින් පමණ දේශීය ණය මාස 26 ක දී වර්ධනය වී තිබෙන බවයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙහි සරල අදහස තමයි මේ රටේ ජනතාව සෑම මාසයකම රුපියල් බිලියන 196 ක වගේ ප්‍රමාණයකින් පාලකයින් ණය කරනවා කියන එක. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් තමයි සෑම දිනකම රුපියල් බිලියන 6.5 කින් අපි ණය කරුවන් වෙනවා කියන එක. ණය සම්බන්ධයෙන් රට තිබෙන්නේ දැඩි අර්බුදයක.

2021 ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා වල මිල ගණන් 106 % කින් වැඩි වෙලා. ආහාර කාණ්ඩයේ භාණ්ඩ මිල 138 % කින් පමණ වැඩි වෙලා. මේ පසුබිම තුළ ඇත්තටම පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධව අපට කිසිසේත්ම සෑහිමකට පත්වීමට පුළුවන්කමක් නැහැ. බලයට පත්වන ජනපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වය තේරුම් ගන්න.

රටේ ආදායම් තත්ත්වය විදේශ වෙළෙඳාම තේරුම් ගෙන ප්‍රතිසංස්කරණ මාලාවක් කළ යුතුයි. ජනතාවට ආර්ථික අතින් නැගී සිටින්න අවශ්‍යය පසුතලයක් නිර්මාණය කළ යුතුයි. මධ්‍යම පාන්තික ජනතාව දැඩි අර්බුදයක ඉන්නේ. ඒ අය වෙනුවෙන් යම් ආකාරයක ක්ෂණික වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවයි?

Next Post

IMF නව රජය සමග එක්ව කටයුතු කිරීමට සූදානම්….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.