අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්රමුඛ ශිෂ්‍ය සංගම් සාමාජිකයන් හෙට කොළඹ කොටුව දුම්රිය පළ සිට ගාලු මුවදොර දක්වා පා ගමනින් පැමිණීම තහනම් කරන ලෙස කොළඹ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම කොටුව අතිරේක මහේසත්රාත් ටී ප්රභාකරන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
ඔවුන් හෙට (24 ) කොළඹ කොටුව දුම්රිය පළ ස්ථානයෙන් පිටත්ව ගාලු මුවදොරට පැමිණ රැය පහන් කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු හෙළිව ඇති බවත් ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී පොදු දේපළවලට හානි කිරීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙමින් ගාලුමුවදොර දෙසට ඇතුළුවීම වලක්වන ලෙසට නියෝග කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දිවයිනේ විවිධ විශ්ව විද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් ඇතුළු සංවිධාන 16කට එරෙහිව මෙම නියෝගය නිකුත් කරන්නැයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර මෙම පා ගමන ගමන් කරාවි යයි අදහස් කරන කොටුව සහ ගාලු මුවදොර ට පිවිසෙන සියලුම මාර්ගවලට ඇතුළුවීම වළක්වන ලෙසට සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව කටයුතු කරන ලෙසට මෙම නියෝගය නිකුත් කරන්නැයි පොලිසිය ඉල්ලා තිබුණි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්තිවලට අනුකූලව කරුණු දක්වා ඇති පොලිසිය පවසා ඇත්තේ මෙම පාගමන යන මාර්ගය දෙපස සහ අවට රාජ්‍ය ආයතන සහ ප්‍රභූ නිවාස පවතින බැවින් ඒවාට හානි කිරීමේ අවදානමක් පවතනි බවය.
කෙසේ වුවද කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.







