ලලිත් චාමින්ද –
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 85.5 කිලෝමීටරය අසලදී අද (27)දහවල් සිදු වූ අනතුරකින්අධිවේගී මාර්ගයේ වැඩ කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.
මෙම කම්කරුවන් දෙදෙනා අධිවේගී මාර්ගයේ වැටක් පිරිසිදු කරමින් සිටියදී කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මෙම කම්කරුවන් දෙදෙනා හප්පාගෙන ගොස් ඇති බැව් පොලිසිය පවසයි.

අනතුරට අදාල ලොරි රථය පුද්ගලික සමාගමකට අයත් ඖෂධ ප්රවාහනය කරමින් තිබූ රථයක් බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65 සහ 45 යන වයස් කාණ්ඩවල පසුවන ඉමදුව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනා කොන්ත්රාත් පදනම මත අධිවේගී මාර්ගයේ වැඩ කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකි.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.
ලොරි රථයේ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත







