හිටපු වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හරිමින් කොළඹ මහාධිකරණය අද (11) ඔවුන් වෙත විදේශ ගමන් තහනමක් නියම කළේය.
ඒ් ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළේ යැයි ගොනු වී ඇති නඩුවට අදාලව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක් වෙත කොළඹ මහාධිකරණය හමුවේ අද යළි අධිචෝදනා භාර දුන් අවස්ථාවේ දීය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අදාළ නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.
නඩු විභාගය නොවැම්බර් 29 වනදා තෙක් කල් තැබීය.







