අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ සංඝනායක හිමිගෙන් ලක්ෂ 10ක කප්පමක් ගන්න හැදූ පොලිස් ලොක්කා රිමාන්ඩ්

බහුදින යාත්‍රා යොදාගෙන හාමුදුරුවන් කුඩු ජාවාරම් කරන බවට ප්‍රදේශයේ රාවයක් පැතිරිලා... කප්පම ඉල්ලා තියෙන්නෙ කුඩු කතාව යට ගහන්න...

by editor
පෙබරවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

බළපිටිය, පාතෙගම යෝගාශ්‍රම විහාරාධිපති ගාලු දිසාවේ අධිකරණ සංඝ නායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස නාහිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබා ගැනීමට සූදානම් වූ බව බවට අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද නෝර්ටන් බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය (06) දෙනා 2021 මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර  ඊයේ (20) නියෝග කළේය.

පෙරේදා (19) දින මොවුන් බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක කාලයක් එනම් ඊයේ (20) දින දක්වා අහුන්ගල්ල පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබා දී තිබුණි. 

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදදේ නොර්ටන් බ්‍රිජ් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සංජීව කුමාර නැමති අය, ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු ඇතුඵ හය (06) දෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට අහුන්ගල්ල පොලීසිය අංක 36616 යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ. 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා පසුගිය 17 වෙනිදා රාත්‍රි 9.30 ට පමණ මොවුන් පැමිණ විමලවාස තිස්ස හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

තමන් වහන්සේ කුඩු වෙළෙඳාමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණය යටපත් කිරිමට මෙසේ රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති මොවුන් එසේ මුදල් ලබා නොදුන්නොත් රැගෙන යාමට සිදුවන බවත් ප්‍රකාශ කළේ යැයි විමලවාස තිස්ස හිමියන් පොලිස් ප්‍රශ්න  කිරීම් හමුවේ අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මෙම මුලල ලබා දීම සදහා විමලවාස තිස්ස හිමියන් බැංකුවට යද්දී පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් පිරිස බළපිටිය හීනටිය ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය පවසයි. මීට පෙරද විමලවාස තිස්ස හිමියන් කුඩු වෙලදාමට සම්බන්ධ බවට ප්‍රදේශයේ ආරංචි පැතිර ගොස් තිබූ බවත් මසුන් මැරීමට සම්බන්ධ බහුදින යාත්‍රා උපයෝගි කරගෙන මෙම ව්‍යාපාරය කරගෙන යන බවට එම ආරංචි මාර්ග සඳහන් කරන බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකින් සනාථ වී නොමැති බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ජයතිලකගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රශින්ත පියරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (93628) වසන්ත (72586)  වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පොලිස් සැරයන් සරත් (28837) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙමෙහවීය.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙඩුන්කේණි පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ තවත් සැකකරුවන් 02ක් අත් අඩංගුවට

Next Post

කුකුළන්ගෙන් මිනිසුන්ට වැළඳෙන කුරුළු උණක් ගැන පළමු සිදුවීම රුසියාවෙන් වාර්තා වෙයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.