සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට පැමිණ, අධිකරණ නියෝග මත මන්ත්‍රී ධූර අහිමි වූ හිටපු අමාත්‍යවරුන්වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඔවුන් අමාත්‍යා ධූර දැරූ අමාත්‍යාංශවල විෂය පථයට අදාල ජනාධිපති උපදේශකවරුන් ලෙස වහාම ක්‍රියාත්මකවන පරිදි පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
ඒ අනුව ක්‍රීඩා, ඉඩම් සහ සංචාරක කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු පත් කර ඇති අතර ශ්‍රම හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස මනූෂ නානායකකාර පත් කර තිබේ.
විශේෂත්වය වන්නේ අධිකරණ නියෝගයෙන් ඇමතිකම් අහිමි කළ පසු හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර දැරූ අමාත්‍යා ධූර දෙකම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතට ගෙන අනතුරුව එම අමාත්‍යාංශ විෂය පථය ආවරණය කරන ජනාධිපති උපදේශකවරුන් ලෙස ඔවුන් දෙදෙනා පත් කිරීමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම් සිදුකර ඇති බව ඩේලි නිවුස් වාර්තා කරයි.
කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරය අත්හරිමින් කළ මාධ්‍ය සාකච්ඡාවේ දී රටට පැවසුවේ තමන් අමාත්‍ය ධූරය නැති වීමෙන් පසු පූර්ණ කාලීනව ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කැපවන බවය.







