බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සසුනට පූජාකළ සඳහිරු සෑයේ විත්තිය…

by editor
නොවැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’   ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනතාවට වන්දනාමාන කිරීම සඳහා විවෘත කෙරිණි.

උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් විසින් දේවාරාධනාව සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සඳ හිරු සෑයේ කොත නිරාවරණය කිරීම සිදුවූයේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ   අතිනි. අද අගමැතිවරයාගේ 76 වැනි ජන්ම දිනය ය.  ජනපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්ති දිනය ය. එමෙන්ම ඉල් මහා පෝය ය.

 

දාගැබ් වහන්සේ නිල වශයෙන් පූජා කළ අවස්ථාව

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ   ජනාධිපතිවරයා සිටිය දී ය. ඒ වනවිට   වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ   ආරක්‍ෂක ලේකම්ය.   මෙම දාගැබ ඉදිකිරීමට මුල් වූයේ ඔවුන් දෙපලය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක්වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ වූ බව කියැවිනි.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූයේ ද ත්‍රිවිධ හමුදාව අතිනි.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදි කෙරුණු සඳහිරු සෑයේ උස අඩි 282 කුත් අඟල් 6 කි.  එය රුවන්වැලි සෑයට වඩා උසින් අඩුව නිර්මාණය කිරීමට පුරාවිද්‍යා අංශවල උපදෙස් ලැබී තිබිණි.

එහි විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13කි.  වැලි මළුව අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30 කි. සලපතළ මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 කි.

සඳ හිරු සෑය

මහා දාගැබ් ඉදිවුණේ අනුරාධපුර යුගයේ මුල් වකවානුවේය. එය ජාතියේ සශ්‍රීකත්වය පිළිබඳ ප්‍රකාශනයක් මෙන්ම ආර්ථිකයේ අතිරික්තය සහිත සමෘද්ධියේ සංකේතයක් විය. රුවන්වැලි මහා සෑය, අභයගිරිය මෙන්ම ඓතිහාසික ලෝකයේ උසම ගඩොල් ස්මාරකය වූ ජේතවනාරාමය ඉදිවන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ ය.

අනතුරුව ඉදිවන දෙමළ මහා සෑය හා රන්කොත් වෙහෙර පොලොන්නරු යුගය රන්ජනය කළ මහා පැරකුම්බාවන් විසින් ඉදිකළේය.

මේ වකවානුවට පසු විශාල දාගැබක් ඉදිකිරීමේ අදහස මතුවන්නේ වර්ෂ 1980 දී ය. ඒ කොත්මලේ වේල්ල ඉදිකිරීමෙන් පසු කොත්මලේ ජලාශයට යටවුණු සියලුම බෞද්ධ සිද්ධස්ථාන සිහි කිරීමේ පරමාර්ථයෙනි. කොත්මලේ මහවැලි සෑය ලෙස නම් කළ මෙම දාගැබේ උස   අඩි 288ක් විය. එය සැලසුම් කරනු ලැබුවේ ලංකාවේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක්වූ ඒ.එන්.එස් කුලසිංහ විසිනි. කළුතර චෛත්‍යය වෙන්ම වරාය චෛත්‍යය ඉදිකළ තාක්ෂණික සිද්ධාන්ත අනුව මේ දාගැබ සැලසුම් වූයේය. වර්ෂ 1980 දී ඉකිරීම් ආරම්භ වූ මහවැලි සෑයේ කටයුතු වසර 36ක් අත්හැර දමා තිබිණි. එය නිමා කර වන්දනාමාන සඳහා විවෘත වන්නේ වර්ෂ 2016 දීය.

මහවැලි මහා සෑය

සඳහිරු සෑයේ ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණි. සඳහිරු සෑය වෙනුවට යහපාලන  ආණ්ඩුව ඊට වඩා උසින් වැඩි අත්හැර දමා තිබූ මහවැලි සෑයේ වැඩ නිමා කළහ.  ඒ නිසා සඳහිරු සෑයේ  ඉදිකිරීම් අවසන් කිරීම කල්ගොස් තිබිණි.

අද සඳහිරු සෑය වැඩ නිමා කර සඟ සතු විය. මේ පුණ්‍යකර්මය සිදුවන්නේ රට සමාජ ආර්ථික මෙන්ම දේශපාලනිකව ඉතිහාසයේ දුෂ්කරම වකවානුවක් පසුකරමින් යන අවස්ථාවක දීය.

මෙම වෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක වැඩක් – උත්සව දෙකක්… ආණ්ඩුකාරවරයා විවෘත කළ ගන්නොරුව අපජල ව්‍යාපෘතිය අගමැති යළි විවෘත කරලා! 

Next Post

තවත් කොවිඩ් මරණ 15ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.