අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක වැඩක් – උත්සව දෙකක්… ආණ්ඩුකාරවරයා විවෘත කළ ගන්නොරුව අපජල ව්‍යාපෘතිය අගමැති යළි විවෘත කරලා! 

by editor
නොවැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ සිදුවූ අතිශය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වූ ගන්නෝරුව අප ජල ව්‍යාපෘතිය රාජ්‍ය උත්සව සහිතව දෙවරක් විවෘත කළ පුවතක් වාර්තා වේ.

මුලින්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සුබ මොහොතින් විවෘත කළ මෙම අප ජල ව්‍යාපෘතිය ඊට පසු දින අගමැති, ජලසම්පාදන ඇමති, රාජ්‍ය ඇමතිවරුන්වන සනත් නිශාන්ත සහ දිළුම් අමුණුගම ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් විසින් නැවත විවෘත කළ ඒ සිද්ධිය වාර්තාවන ආකාරයට මෙසේය.

ජපන් ජාත්‍යාන්තර සහයෝගීතා ආයතනයේ ණය ආධාර සහිතව  ජපන් හා ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණයෙන් යුතුව  රුපියල් මිලියන 22,588 ක මුදලක් වැය කරමින් ගන්නෝරුවේ අප ජල ව්‍යාපෘතියක් නිම කර තිබිණි.

මෙරට සිදු වුන දැවැන්ත පාරිසරික මෙන්ම සනීපාරක්ෂක සංවර්ධන ක්‍රියාවලියකට පසුබිම් සැපයූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික යෝජනාව වර්ෂ 2000 දී පමණ මතු වුවත් එය ගිවිසුම්ගතව ආරම්භ කරන්නේ වර්ෂ 2015 දී ය. ඉදිකර නිමා කරන්නේ වර්ෂ 2021 දී ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහනුවර නාගරික ජනගහණයෙන් 55,000 ක පිරිසක් මෙන්ම 150,000 ක සංක්‍රමණික ජනගහණයක් මෙහි ප්‍රතිලාභීන් ලෙස හඳුනාගෙන තිබිණි . මහනුවර නාගරික බල ප්‍රදේශයේ හා යටිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 26ක් මේ අප ජල ව්‍යාපෘතියෙන් ආවරණය වූයේය.

ආණ්ඩුකාරවරයා සහ නගරාධිපතිවරයා විසින් 16 දා අපජල ව්‍යාපෘතිය විවෘත වූ අවස්ථාව

මෙම ඉදිකිරීම නිමා කළ පසු ව්‍යාපෘතියේ ජල පිරිපහදු ගොඩනැගිල්ල සහ ජල පිරිපහදුව    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ  ප්‍රධානත්වයෙන් 16 දා පෙරවරුවේ සුබ මොහොතින් විවෘත විය.  එම අවස්ථාව සඳහා  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති  මිෂුකෝෂි හිදෙ‍යකී , JICA ආයතන‍යේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න  මහනුවර මහ නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක,  නියෝජ්‍ය  නගරාධිපති ටී.එම්. ඉලාභි ආබ්දීන්, විපක්ෂ නායක සේන දිසානායක, ඇතුළු මහජන නියෝජිතයින්,  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න   ඇතුළු පිරිසක්  එක් වී සිටියහ.

විවෘත කිරීමෙන් පසු ජපන් තානාපති නිලධාරීන් මූලිකත්වයෙන් වාහන බෙදා දුන් අවස්ථාව…

එම අවස්ථාවේදී, එම මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය    කෙරෙන ට්‍රක් රථ ඇතුළු වාහන සහ ක්ෂේත්‍ර නිළධාරීන් සදහා අවශ්‍ය කෙරෙන යතුරු පැදි බෙදා දීමක් ද සිදු විය.

යළිත් 17 දා මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට සූම් තාක්ෂණය ඔස්සේ අගමැති සහ ජලසම්පාදන ඇමති එක් වූ අවස්ථාව

අනතුරුව මේ විවෘත කළ ව්‍යාපෘතිය ඊට පසු දා, එනම් ඊයේ (17) යළිත් වරක්  අගමැති මහින්ද රාජපක්ෂ, ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර, සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්   ග්‍රාමීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැති ඇමැතිවරුන්ගේත්,  ජලසම්පාදන සහ ජලාපවහාන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දුවික්‍රමගේත් සහභාගීත්වයෙන් යළිත් රාජ්‍ය උත්සවයක් ලෙසින් විවෘත වූයේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් පෙත්ත ගැන චන්න ඇමති අතේ පැළවෙන බොරු කියයි… ඇමති සුදර්ශනී නිවැරදි කරයි

Next Post

අද සසුනට පූජාකළ සඳහිරු සෑයේ විත්තිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.