ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස අද පස්වරු 2ට බංගලාදේශ – ශ්‍රි ලංකා තරගය පැවැත්වෙන දිල්ලියේ අද උදෑසන නවය වන විට අතිශය භයානක වායු දූෂණ තත්ත්වයක් වාර්තාවන බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
එය ඊයේ පැවති තත්ත්වයටත් වඩා වර්ධනය වි ඇතැයි ද වායු තත්ත්ව දර්ශකයේ “ඉතා දරුණු “ ලෙස ලේබල් කර ඇති දිල්ලියේ වාතයේ ගුණාත්මකභාවය ඉතාමත් තීරණාත්මක මට්ටමට පිරිහී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය හෙළි කරයි.
ඊයේ (05) දිල්ලියේ වායු දූෂණය වායු තත්ත්ව දර්ශකයේ 454 ට ළඟා වී තිබිණි
අද උදෑසන 09 වනවිට එම අගය 470ක් පෙන්නුම් කරන බවත් එම අගය එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සීමාවට වඩා 20 ගුණයකින් වැඩි අගයක් බවත් දිල්ලියේ ආරංචි මාර්ග හෙළි කරයි.
එහෙත් තරගය නොපැවැත්වීම සම්බන්ධව කිසිම තීරණයක් මේ වනතුරු නිකුත් වි නැත.







