මහ මැතිවරණයක් පවත්වන තෙක් රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීයව පවත්වා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පිහිටුවනු ලබන සිවු දෙනෙකුගෙන් යුතු නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දී මූලික රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය බල ගැන්වීමෙන් අනතුරුව අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිවරණ කොමිසම විසින් විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ සිවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් කැබිනට් ඇමති ධූර දරනු ඇත.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලය රැස්කර මුල්ම තීන්දුව ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම තවත් නව අමාත්‍යංශ ලේකම් ධුර කිහිපයක් පිරි නැමීමට ද නියමිතව තිබේ.







