සූරියවැව නුවන් ජයසේකර
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අද (31) අළුයම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවා ලබා රොහල් ගත කර ඇත්තේ නො 62/3,උතුරු කඩවර ,කොක්ගල්ල,අම්බලන්තොට ලිපිනයේ පදිංචි තෙන්නකෝන් ගමගේ රොෂාන් නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.
දෙපාර්ශවයක් අතර කලක සිට පවතින පුද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි මුලික පොලිස් පරික්ෂණ වලදි අනවරණය වි ඇත්තේ.වෙඩි ප්‍රහාරයට ලක් වු පුද්ගලයා අළුයම 2.15ට පමණ නිවස පිටුපස ශබ්දයක් ඇසී එය පරීක්ෂා කිරිමට නිවස තුළ සිට නිවසේ පිටිපස කුස්සිය දෙසට යන අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තුවක්කු කරුවන් යතුරු පැදියකින් පළාගොස් තිබේ.මෙම වෙඩි තැබීම සූරියවැව මහඅන්දරවැව පදිංචි තඩියා නැමති අයෙකු හා තවත් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනා කඩවර ඉෂාර නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු වන බවත් අනාවරණය වි තිබේ.
මෙම දෙපාර්ශවය අතර කලක පටන් ගවයන් සම්බන්ධ ආරවුලක් මුල් කරගනිමින් මෙම ආරවුල් පවතින බවත්,මේ හේතුව නිසාම දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවත් මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. මෙම තුවාල ලත් තරුණයා ඝාතනය කිරිමට අවස්ථා කිහිපයකදීම කටයුතු කර ඇතත් ඉන් ඔහු බේරී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර පළාගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා අම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ







