අද (14) අලුයම අම්පාර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත.
අනතුර අලුයම 2.30 ට පමණ සිදු වි ඇති බවත් මගීන් කිසිවෙකුට බරපතල තුවාල සිදුවී නඇති බවත් පොලිසිය පවසයි. .
අනතුරින් බස් රථයට සැලකිය යුතු හානියක් සිදු වී ඇත. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







