බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රමිතියෙන් තොර බාල පොහොර බෙදා පොලොන්නරුවේ වී අස්වැන්න විනාශ කළ මහා පාරිමාණ ජාවාරමක් හෙළි වෙයි!… ප්‍රධාන අපරාධකරු පැන ගිහින්!

by editor
මැයි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • කළමනාකරු ඇතුළු 12ක් පොල්කුඩු වැනි බාල පොහොර මිටි 1000ක් සමග පොහොර පටවා තිබූ ලොරි හතරක් ඇතුළු උපකරණ තොගයක් අත් අඩංගුවට

ප්‍රමිතියෙන් තොර පොල්කුඩු වැනි බාල පොහොර වැඩි මිලට විකුණමින් ජාතික ආහාර සංචිතය බිහි කරන ගොවි ජනතාව බරපතල අගතිකයටක පත් කර ඔවුන්ව සූරා කෑ මහා පරිමාණ කෘෂි යෙදවුම් ව්‍යාපාරිකයෙක් පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ දී අද (14) අත් අඩංගුවට ගත් බව, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

මෙම අපරාධකාරී ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක සිට නයිට්‍රිජන් සංඝටකය ලෙස ඇමෝනියා යොදා ගත්, නයිට්‍රිජන් ප්‍රතිශතය සියයට විසි එකක් පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්, සියයට හතලිස් හයක් නයිට්‍රජන් පවතින බවට සඳහන් උරවල ඇසුරුම් කර ගොවීන්ට වැඩිමිලට අලෙවි කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.

පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය මෙම වැටලීමේ දී ආයතනයේ කළමනාකාරවරයෙකු ඇතුළු සේවකයින් දොලොස් දෙනෙක්, කලවම් කරන ලද පොහොර මිටි දාහකට ආසන්න සංඛ්‍යාවක්, මෙන්ම පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, එම පොහොර මිශ්‍ර කරමින් සිටි සේවකයින්
එකොළොස් දෙනකුද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව එම වැටලීමට සම්බන්ධ වූ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙහි කළමනාකාකරු යැයි කියාගන්නා පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අතර, පොහොර ඇසුරුම් කරමින් සිටි සේවකයින් එකොළොස් දෙනාම මඩකලපුව සන්ධිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක් සහ, පොහොර බෑග් මහණ මැෂින්, වැඩි මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කීපයක්ද අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද ශ විමර්ශන අංශ සඳහන් කරයි.

මෙම ජාවාරම කරගෙන ගිය ප්‍රධාන සැකකරු පෞද්ගලික පොහොර සමාගමකින් නයිට්‍රිජන් සියයට විසි එක කිලෝ පනහේ මිටියක් රුපියල් 5000 ක් වැනි මිලකට ලබාගෙන ව්‍යාජ ලෙස ඇසුරුම් කර අරලගංවිල, සිරිපුර, වැලිකන්ද ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කය පුරා ගොවීන්ට, සහ අලෙවි නියෝජිතයන්ට සියයට 46ක් අන්තර්ගත පොහොර වශයෙන් බෙදා හැර තිබෙන බවත්, පොලිසිය කරන ලද පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ.

වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් තිබෙන බවට ව්‍යාජ සටහන් කරන ලද පොහොර ලබාගන්නා ගොවීන් වී වගාවට යෙදූවද ඔවුන් යොදා ඇත්තේ සියයට විසි එකක් පමණ පවතින නයිට්‍රජන් පොහොර බවත්, ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයක වී වගාවට යල මහ දෙකන්නයේ බොහෝ ගොවීන් පිරිසක් කලයක සිට යොදා ඇත්තේ මෙම ජාවාරම්කරුවාගෙන් ලබා ගන්නා පොහොර බවත්, එය ගොයම කහගැන්වී අස්වැන්න අඩුවීමට හේතුවක් වී ඇති බවත් මේ වනවිට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වි ඇත.

මෙම මහා පරිමාණ ජාවාරම සිදු කිරීම සඳහා ප්‍රධාන සැකකරු සමග තවත් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇති බවට සැකකරන බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස්
අධිකාරි එම්.එස්.එම්. ජරූල් මහතාගේ මැදිහත්වීමෙන්, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී.ආර්.කේ. ජාගොඩගේ සහ පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාරගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්, 42229 රංග, 61580 චමින්ද, පොලිස් සැරයන්, 71995 චන්ද්‍රසේන, පොලිස් කොස්තාපල් 82748 සඳකැළුම්, පොලිස් කොස්තාපල් 34968 නිශ්ශංක, පොලිස් කොස්තාපල් 88883 ලක්ෂාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් කළමනාකාරවරයා ඇතුළු දොළොස් දෙනා බී වාර්තාවක් මගින් අද (14) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Next Post

අද අළුයම අම්පාර – මහියංගන මාර්ගයේ දී මගී බස් රථයක් අනතුරකට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.