අතුරු වෛද්‍ය සේවාව ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයෙන් හෙදි හෙදියන්ගේ ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත් හෙදිහෙදියන්ගේ ගැටලු විසඳන බවට හඬනගන ඇතැම් පුද්ගලයින් කරනුයේ දේශපානයක් බවත් සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස් මැදිවත්ත සදහන් කරයි.
ඇතැම් පුද්ගලයින්ගේ පටු දේශපාලන ඔිනෑ එපාකම් වෙනුවෙන් හෙද හෙදියන්ගේ ඉල්ලීම් බිල්ලට දී ඇති බැවින් මෙම වැඩ වර්ජනය තම සංගමයේ කිසිදු සාමාජිකයෙකු සම්බන්ධ නොවන බවද ඔහු අවධාරණය කළේය.
මෙම වැඩ වර්ජනයට කොළඹ ජාතික රෝහලේ සහ ජාතික අක්ෂි රෝහලේ එකදු හෙදියක් හෝ සම්බන්ධ නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා හෙද හෙදියන්ගේ ගැටලුවලට රජය ලබා දිමට පොරොන්දු වී ඇති විසදුම් වහාම ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී හෙද වැඩවර්ජනයන් රෝහල් තුළ ක්‍රියාත්මක විය හැකි යැයි හෙතෙම අනතුරු අඟවා සිටියි.







