අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගැනුණි.
හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට ගිය ගමනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය. .
මෙම විමර්හණයට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර තිබුණි.
හිටපු ජනාධිපතිවරයකු මෙලෙස අත්අඩංගුවට පත්වූයේ ඉතිහාසයේ පළමු වරටය.







