පාකිස්ථානය මේවන විට මුහුණ දී සිටින දැඩි අර්ථික අභියෝගයත් චීනයේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයත් හේතුවෙන් දෙරට විසින් ආරම්භ කළ චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් සිදුව ඇති බවට අනාවරණය වේ.
මීට දශකට පමණ පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පාකිස්ථානයේ ආර්ථික සහ සමාජීය පෙරම සකස්කරනු ලබන දැවැන්තම ව්‍යාපෘතිය ලෙසට එවකට පාකිස්ථාන පාලනය විසින් හඳුන්වා දුන් අතර එහිදී චීනයේ සෘජු මැදිහත්වීම් මත ව්‍යාපෘති රැසක්ම පාකිස්ථානයේ ක්‍රියාත්මක විය.
කෙසේවෙතත් මෙම චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව මත ආරම්භ කිරීමට සැලුසුම් කළ ව්‍යාපෘති රැසක් තවමත් නිසි ලෙස ආරම්භ වී නොමැති අතරම ඇතැම් ව්‍යාපෘති අද වන විට පාකිස්ථානයට පාරා වලල්ලක් බවට පත්ව දැඩි ආර්ථික සහ ණය බරක් නිර්මාණය කර තිබේ.
බීජිං පාලනය විසින් පාකිස්ථානයට පොරෝන්දු වූ පරිදි අරමුදල් මුදා හැරීමට නිසි ලෙස කටයුතු නොකිරීමද පවතින ණය අර්බුදයට සහ ගෙවුම් ශේෂ හිඟයටද බලපා ඇත. එමෙන්ම මෙම චීන පාකිස්ථාන ආර්ථික කොරිඩොව සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබේ. එහිදී අදාල ආර්ථික කොරිඩෝව ස්ථාපනය කිරීමට අදාල කරුණු සහ ගිවිසුම් වල අන්තර්ගත කොන්දේසි ජනතාවට නිසි ලෙස අනාවරණය කිරීමක් නොකර ඇති බවත් එමගින් පාකිස්ථානයේ ස්වෛරීභාවයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවටද චෝදනා එල්ලවී ඇත.
මෙම ව්‍යපෘති මගින් චීන ශ්‍රමිකයන් පාකිස්ථානයේ සිවිල් වැසියන්ගේ ජන ජීවිතයටද බලපෑම් එල්ල කරන බවටද චෝදනා එල්ල වූ අතර එහිදී ඔවුන් දේශීය නීති වලට අනුගත නොවෙමින් කටයුතු කරන බවටද විශාල චෝදනා එල්ලවී තිබේ.







