ලලිත් චාමින්ද –
අත්පය හා මුඛය ගැටගසා කාර්රථයකට දමාගෙන පහැරගෙන ගොස් තියුණු ආයුධයකින් පහර කෑමට ලක් වෙමින් සිටි ඇගලුම් සේවිකාවක් බේරාගත් බව බද්දේගම පොලිසිය පවසයි.
මෙම ඇඟලුම් සේවිකාව දික්වැල්ල ප්‍රදේශයේ ඇගලුම්කම්හලක් අසල සිටියදි කාර්රථයකින් පැමිණ අනියම් පෙම්වතා හා ඔහුගේ මිතුරකු විසින් ඇය රථයට දමාගෙන දක්ෂිණ අධිවේගි මාර්ගය හරහා පහැරගෙන ගොස් ඇත.
බද්දේගම පිවිසුමෙන් මෝටර් රථය පිටවීමේ දී රථයක් තුළ කාන්තාවගේ කට ගැටගසා සිටින අයුරු පොලිස් නිලධාරීන් දැක ඇත. අධිවේගී මාර්ග පොලිසිය එම මෝටර් රථය නතර කිරීමට අණ කළත් නොනවත්වා එය ධාවනය කර තිබේ.
පසුව බද්දේගම පොලිසියට මේ බව දැනුම් දීමෙන් පසු බද්දේගම පොලිසිය එම මෝටර් රථය ලුහුබැඳ යද්දි බද්දේගම මහගොඩ කන්ද ප්‍රදේශයේ එම වාහන නතර කර තිබෙනු දැක මෝටර් රථයේ දොරවල් විවෘත කරන ලෙස අණ කර ඇත.
මෝටර් රථයේ දොරවල් විවෘත කිරීම ප්‍රතික්ෂේපකර ඇති අපරාධකරුවන් මෝටර් රථයේ පිටුපස සිටින කාන්තාවට තියුණු ආයුදයකින් පහර දෙනු අයුරු පොලිසියට නිරීක්ෂණය වී තිබේ. පොලිසිය අහසට වෙඩි තබා මෝටර් රථයේ දොරවල් විවෘත කර තරුණිය බේරාගෙන ඇත. ඒ වන විටත් එම කාන්තාව දරුණු කැපුම් තුවාල සහිත සිටි බව පොලිසිය කියයි.
පිහිපහර දුන් බව කියන තරුණයාද සුළු කැම් තුවාල සහිතව සිටීම නිසා ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව වලස්මුල්ල මොදරවානේ පදිංචි විවාහක කාන්තාවක් බව මූලික පරික්ෂණවලින් හෙළි වූ බවත් පැහැරගත් තරුණයා සමග පැවැති ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
ඇඟලුම් සේවිකාව හා අනියම් පෙම්වතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. ඔවුන් දෙදෙනා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති
සැකකරුගේ යාළුවකුගේ මෝටර් රථයෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇති අතර මෝටර් රථය හිම බව කියන තරුණයාද පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.







