එක්සත් ජාතීන්ගේ . ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය නගාසිටු වීමට සඳහා ලබා දි තිබේ.
මේ වැඩ පිළිවෙළ යටතේ ප්‍රතිලාභ හිමිවන පාසල් දරුවන් ලක්ෂ 18ක් සිටින බැවින් ඔවුන්ගේ පෝෂ්‍යදායි ආහාර වේල සඳහා දිනකට සහල් මෙට්ට්‍රික්ටොන් 82ක් අවශ්‍ය බැවින් එම ප්‍රමාණය වී අලෙවි මණ්ඩලයෙන් ලබාදීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර එකඟතාවය පල කර ඇත.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත දිවා ආහාර වේළක් ලබා දීමට සැළසුම් කර තිබේ.
පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සඳහා ෆොලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර සබලකෘත බත්වේළක් ( Fortified Rice) මෙම දිවා ආහාරය සඳහා ලබා දීමට නියමිතය.
ඒඅනුව එක් පාසැල් දරුවෙකුට දිනකට ග්‍රෑම් 75ක බත්වේලක් ලබා දීමට නියමිතය.
මෙම බත් වේල ලබා දෙන සියලුම දරුවන්ට දිනකට බිත්තරයක් බැගින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දුන්නේය.